Search

ඉදිරි පැය 48 ගැන ඔස්ට්‍රේලියානුවන්ට විශේෂ දැනුම් දීමක්

ඉදිරි පැය 48 ක කාලය තුළ ඔස්ට්‍රේලියාවේ ඇතැම් ප්‍රදේශවලට ගිගුරුම් සහිත අධික වැසි ඇතිවිය හැකි බවට අපේක්ෂා කරන බව සදහන් වනවා.

වික්ටෝරියා ප්‍රාන්තයේ ඊසාන – නැගෙනහිර සහ Gippsland හි ප්‍රදේශ රැසකට අද දින දැඩි සුළං තත්වයක් සහ අධික වර්ෂාපතනයක් ඇතිවිය හැකි බව ද කාලගුණ විද්‍යා කාර්යංශය (BoM) විසින් අපේක්ෂා කරන බවයි සදහන් වන්නේ.

කාලගුණ විද්‍යා කාර්යංශය (BoM) විසින් මේ පිළිබදව වික්ටෝරියා ප්‍රාන්තයට අනතුරු ඇඟවීමක් නිකුත් කර ඇති අතර ප්‍රාන්තය තුළ කුණාටු ඇතිවීමේ අවදානමක් ද පවතින බවට සදහන් කර තිබෙනවා.

වික්ටෝරියා ප්‍රාන්තයේ ඊසානදිග ප්‍රදේශවලට ගංවතුර තත්වයක් සහ දැඩි සුළං තත්වයක් ඇති විය හැකි බවට අපේක්ෂා කරන බවද එහි වැඩිදුරටත් සදහන්.

නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ දකුණු ප්‍රදේශවල පදිංචිකරුවන්ට අනතුරු ඇඟවීම් නිකුත් කර තිබෙන බවත් පැයට කිලෝමීටර් 150 ක පමණ වේගයෙන් හමන සුළං සහ හදිසි ගංවතුර තත්වයක් ඇතිකළ හැකි අධික වර්ෂාපතනයක් ඇතිවීමේ අවදානමක් පවතින බව ද තොරතුරු වාර්තා වනවා.

අද රාත්‍රියේදී දරුණු කුණාටු තත්වයක් නැගෙනහිර දෙසට ගමන් කරන අතර එම තත්වය සිඩ්නි වෙරළට සහ ඇතැම් ප්‍රදේශවලට ළගා වනු ඇති බවට අපේක්ෂා කරන බව ද වැඩිදුරටත් සදහන්.

ටස්මේනියා ප්‍රාන්තයේ ද කාලගුණ තත්වයේ ද වෙනසක් සිදුවිය හැකි බවට අනතුරු ඇඟවීම් නිකුත් කර තිබෙන අතර ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්තය තුළ ද ඉදිරි දින කිහිපයේදී තවදුරටත් ගිගුරුම් සහිත වැසි ඇතිවන බව ද වාර්තා කර තිබෙනවා.

කාලගුණ විද්‍යා කාර්යංශ (BoM) වෙබ් අඩවිය තුළ පවතින කාලගුණ අනතුරු ඇඟවීම් පිළිබදව සැලකිලිමත්ව කටයුතු කරන ලෙස ජනතාවට උපදෙස් ලබාදී තිබෙන බව ද වැඩිදුරටත් සදහන්.

බොරු මිල ගණන් කියන වික්ටෝරියා Real Estate නියෝජිතයන්ට වැඩ වරදින ලකුණු

නිවාස වෙන්දේසිවලට පෙර අසත්‍ය මිල ගණන් ප්‍රකාශයට පත් කරන වෙන්දේසිකරුවන්ට එරෙහිව දැඩ් පියවර ගැනීමට වික්ටෝරියා ප්‍රාන්ත රජය සූදානම් වනවා.

Read More »