Search

නව රජයේ කැබිනට් මණ්ඩලය හෙට දිවුරුම්දෙයි

නව රජයේ කැබිනට් මණ්ඩලය හෙට (18) දිවුරුම් දීමට නියමිතව තිබෙනවා.

ජනාධිපති මාධ්‍ය අංශය පැවසුවේ ඒ අනුව හෙට පෙරවරු 10.00ට ජනාධිපති අනුර කුමාර දිසානායක ඉදිරියේ නව කැබිනට් මණ්ඩලය දිවුරුම් දීමට නියමිත බවයි.

දිවයිනේ සියලු දිස්ත්‍රික්කවලට සාධාරණයක් වන පරිදි කැබිනට් අමාත්‍ය ධුර පත්කිරීමට නියමිතව ඇති අතර අමාත්‍ය දුර ලබාදීමේදී විෂය දැනුම සම්බන්ධයෙන්ද විශේෂ අවධානයක් යොමු කරන බව සදහන් කර තිබෙනවා.

ජනාධිපති අනුර දිසානායක ගේ ප්‍රධානත්වයෙන් නව රජයේ කැබිනට් මණ්ඩලය දිවුරුම් දීමට නියමිතයි.

හරිනි අමරසූරිය නව රජයේ අගමැති ධුරයට පත්වනු ඇති අතර, අමාත්‍ය විජිත හේරත් විදේශ ඇමති ලෙස නැවත දිවුරුම් දෙනු ඇති බවද වාර්තා වනවා.

මේ අතර, සියලුම අමාත්‍යංශ සඳහා නියෝජ්‍ය අමාත්‍යවරුන්ද පත් කිරීමට තීන්දු වී ඇතැයි සදහන්.

මෙම නව කැබිනට් මණ්ඩලයේ මංගල රැස්වීම ලබන අඟහරුවාදා පළමු පාර්ලිමේන්තු සැසිවාරයට පෙර පැවැත්වීමට ද සැලැසුම්කර ඇති බවයි වාර්තා වන්නේ.

එක්සත් ජාතීන්ගේ මූල්‍ය අරමුදල සමඟ සාකච්ඡා පැවැත්වීමට මුදල් අමාත්‍යංශයේ ලේකම් මහින්ද සිරිවර්ධන දිගටම එම ධූරයේ ​රඳවා ගැනීමට ද තීන්දු කර ඇති බව පැවසේ.

හිටපු හමුදා ප්‍රධානීන්ට පැනවූ සම්බාධක ගැන ශ්‍රී ලංකා රජයේ ස්ථාවරය

හිටපු හමුදා ප්‍රධානීන් 3 දෙනෙකු ඇතුළු සිව් දෙනෙකුට සම්බාධක පැනවීමට එක්සත් රාජධානිය ගත් තීරණය ඒකපාර්ශවික පියවරක් බව විදේශ කටයුතු විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යංශය පවසනවා.

Read More »