Search

සංක්‍රමණිකයින්ට මව්භාෂා වෙන් සේවා ලබා ගන්න මෙල්බන් වල අලුත් වැඩක්

ඔස්ට්‍රේලියානු භාෂා පරිවර්තක ආයතනය AUSIT විසින් නොවැම්බර් 21-23 දක්වා මෙල්බර්න් හිදී 37වන වාර්ෂික සමුලුව පැවැත්වීමට සියලු කටයුතු සූදානම් කර තිබෙනවා.

AUSIT සම්මන්ත්‍රණය ඉගෙනීමට, අදහස් හුවමාරු කර ගැනීමට සහ අන් ජාතීන් සමග විවෘත වීමට, අර්ථකථනය කිරීම සහ පරිවර්තනය කිරීම යන කාරනා මුල් කර ගනිමින් පැවැත්වීමට නියමිතයි

මෙම වසරේ එහි තේමාව වන්නේ -භාෂාමය සමානාත්මතාවය සහ ප්‍රවේශයයි: පරිවර්තනය සහ අර්ථ නිරූපණය  මගින් ප්‍රජාවන් ලෝකයට සම්බන්ධ කිරීමයි.

ස්වදේශ කටයුතු දෙපාර්තමේන්තුව වසර 75 කට වැඩි කාලයක් භාෂා සේවා සැපයීමෙන් ඕස්ට්‍රේලියානු ප්‍රජාවට සහයෝගය දැක්වීමට දැඩි උනන්දුවක් දක්වන අතර මේ සදහා ස්වදේශ කටයුතු දෙපාර්තමේන්තුව අනුග්‍රාහකත්වය දක්වනවා.

TIS  ආයතනය මගින් ඕනෑම භාෂාවකින් ඔස්ට්‍රේලියාවේ සිටින ඔබට  අවශ්‍ය සේවාවන් සැපයීමට බැදී සිටිනවා.

මෙම සේවා සදහා සම්බන්ධ වීමට Access Automated Telephone Interpreting Service (ATIS) on 1800 131 450 අංකය හා සම්බන්ධවීමෙන් අවස්ථාව හිමිවනවා.

ඔස්ට්‍රේලියාවේ ජිවත් වුවත් තමන්ගේ මව් භාෂාවෙන් අවශ්‍ය සේවා සැපයීම මෙහි අරමුණ වන අතර භාෂා නො ඇනුවත්කමින් අපහසුතාවට පත්කිරීම අවම කිරීම මෙහි අරමුණයි.

ඔස්ට්‍රේලියානුවන්ට පමණක් නොව සංක්‍රමණිකයින්ටද එක හා සමාන සේවා ලබා ගැනීමට එමගින් අවස්ථාව හිමිවනවා.

වැඩිදුර තොරතුරු සදහා

https://www.tisnational.gov.au

 

අම්මා වැළඳගැනීමටවත් දෑත් නොමැති දරුවා ලෝකයම දිනයි

ඊශ්‍රායල ප්‍රහාරයක් හේතුවෙන්  අත් දෙකම අහිමි වූ තරුණ පලස්තීන පිරිමි ළමයෙකුගේ ඡායාරූපයක් වසරේ ලෝක මාධ්‍ය ඡායාරූපය ලෙස ගෞරවයට පාත්‍ර වී තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියාවට වසර 5 කින් අඩු වන මිලියන ගණනක නිවාස

ඔස්ට්‍රේලියාවේ දැනට පවතින නිවාස ඉදිකිරීම් ප්‍රතිපත්ති මත කටයුතු කළහොත් තවත් වසර 5 ක් තුළ නිවාස මිලියන 1.2 ක් ඔස්ට්‍රේලියාවට අහිමි වන බව Grattan ආයතනය පවසනවා.

Read More »