
ගෝලීය වශයෙන් පිළිකා රෝග තත්වයන් වාර්තා වීම ඉහළ යාම හේතුවෙන් තරුණ තරුණියන් තම සෞඛ්‍යය සම්බන්ධයෙන් ක්‍රියාශීලී විය යුතු බවට ලොව ප්‍රමුඛ පෙළේ පිළිකා නිවාරණ ආයතන ප්‍රධානියෙකු උපදෙස් දී තිබෙනවා.
ලොව පුරා රෝගීන් වැඩිවීමට හේතුව නිශ්චිතව අනාවරණ නොවුණ ද හේතු ගණනාවක් මත පිළිකා රෝගීන් වර්ධනය විය හැකි බවයි සඳහන් වන්නේ.
MD Anderson පිළිකා මධ්‍යස්ථානයේ පිළිකා නිවාරණ සහ ජනගහන විද්‍යා අංශයේ ප්‍රධානී අර්නස්ට් හෝක් තරුණයින්ට අනතුරු අඟවා ඇත්තේ පිළිකා අනුපාතය වැඩිවීම ඔස්ට්‍රේලියාවේ පමණක් නොව ගෝලීය සිදුවීමක් බවට පත්වී ඇති බවයි.

ඔස්ට්‍රේලියා රජය විසින් අගෝස්තු මාසයේදී නිකුත් කරන ලද පිළිකා දත්ත අනුව 2034 වසර වන විට වාර්ෂික පිළිකා රෝග විනිශ්චය සංඛ්‍යාව 200,000 ඉක්මවිය හැකි බවටයි අනාවරණ වී ඇත්තේ.
එය මෙම වසරේ වාර්තා වන රෝගීන් 169,000 සිට සියයට 20ක පමණ වැඩිවීමක් වනවා.

2034 වන විට, වැඩිවන ජනගහනය සහ ඇස්තමේන්තුගත පිළිකා අනුපාතය සමඟ ඔස්ට්‍රේලියාවේ පිළිකා රෝගීන් 209,000ක් පමණ හඳුනාගනු ඇතැයි ඔස්ට්‍රේලියානු සෞඛ්‍ය හා සුභසාධන ආයතනය පවසනවා.
2010 සහ 2014 වසර අතර කාලයේ වයස අවුරුදු 15ත් 24ත් අතර තරුණ කණ්ඩායම්වලින් බහුලව හඳුනාගත් පිළිකාව මෙලනෝමා වූ අතර එය සියලුම පිළිකා රෝග විනිශ්චයවලින් සියයට 15ක් ලෙසටයි සැලකුණේ.
තරුණයන් අතර පිළිකා අනුපාතය අඛණ්ඩව ඉහළ යන අතර ආහාරවල වෙනස්කම්, තරබාරු අනුපාත ඉහළ යාම, ප්‍රතිජීවක භාවිතය ඉහළ යාම හෝ ජීවිතයේ මුල් අවධියේදී සිදු වූ වෙනත් සිදුවීම් මීට හේතු විය හැකි බවට වෛද්‍ය අර්නස්ට් හෝක් සඳහන් කළා.
ඔහු තරුණ තරුණියන්ගෙන් ඉල්ලා සිටියේ මධ්‍යසාර සහ දුම්කොළ භාවිතයෙන් වැළකීම, සමබර ආහාර වේලක් ලබා ගැනීම සහ සෞඛ්‍ය සම්පන්න බරක් පවත්වා ගැනීම වැනි නිරෝගී ජීවන රටාවක් අනුගමනය කිරීම මගින් මෙම අවදානමෙන් මිදීමට හැකි බවයි.