Search

වික්ටෝරියා හි සැහැල්ලු ගුවන් යානයක් කඩා වැටි අවුරුදු 21ට අඩු තිදෙනෙකු ජීවිතක්ෂයට

වික්ටෝරියා ප්‍රාන්තයේ නැගෙනහිර ප්‍රදේශයේ පිට්ටනියකග කුඩා ගුවන් යානයක්  කඩා වැටීමෙන් ගුවන් නියමුවා ඇතුලු මගීන් දෙදෙනෙකු මියගොස් තිබෙනවා.

යානය කඩා වැටී ගිනිගෙන ඇති අතර පොලිසියට පවසා ඇත්තේ මිය ගිය පුද්ගලයන් තිදෙනා තවමත් විධිමත් ලෙස හඳුනාගෙන නොමැති බවයි.

ඔස්ට්‍රේලියානු ප්‍රවාහන ආරක්ෂණ කාර්යාංශය (ATSB) පැවසුවේ අනතුර සම්බන්ධයෙන් මේ වන විට විමර්ශන සිදු කරන බවයි.

අනතුර සිදුවන අවස්ථාවේදී යානයේ තිදෙනෙකු සිට ඇති අතර අනතුරින් තිදෙනාටම දිවි අහිමි වී ඇති බව තහවුරු වී තිබෙනවා.

ATSB සිය කැන්බරා කාර්යාලයේ සිට ගුවන් යානා මෙහෙයුම් සහ නඩත්තුව පිළිබඳ විශේෂඥ ප්‍රවාහන ආරක්ෂණ විමර්ශන කණ්ඩායමක් අනතුර සිදුවූ ස්ථානයට යොදවා ඇති බව සදහන්.

සිද්ධිය ඇසින් දුටුවන් සිටී නම් ඒ පිළිබද පොලීසිය දැනුවත් කරන ලෙසද දන්වා තිබෙනවා.

ගතවූ කාලසීමාව තුළ ඔස්ට්‍රේලියාවේ සැහැල්ලු ගුවන් යානා කඩා වැඩි සිදුවු අනතුරු වලින් පුද්ගලයින් රැසකට දිවි අහිමි වුණා.

ගුවන් යානයක් ගිනි ගැනීමෙන් නව යොවුන් වියේ පිරිමි ළමයින් දෙදෙනෙකු සහ 20 හැවිරිදි ගුවන් නියමුවෙකු මිය ගියගොස් ඇති බව සදහන්.

අනෙක් ළමුන් දෙදෙනා අවුරුදු 16 සහ 15 වියෙහි පසුවන්නන් බවයි වාර්තා වන්නේ.

ඕනෑම මොහොතක යුක්‍රේනයට සහය දෙනවා අගමැති ඇල්බනීස් කියයි

යුක්‍රේනයේ සාමය උදා කිරීම සඳහා ඔස්ට්‍රේලියානු පාර්ශවයෙන් කළ හැකි සෑම උපකාරයක් ම ලබාදනෙ බවට අගමැති ඇන්තනී ඇල්බනීස් නැවත සහතික වී තිබෙනවා.

Read More »