
අසල්වැසියන් අතර ඇතිවූ ආරවුලක් දුරදිග යෑමෙන් දරුවන් තිදෙනෙකු ඉදිරියේ මවක් ඝාතනය කළ පුවතක් මෙල්බන් වලින් වාර්තා වනවා.
ඊයේ පෙරවරු 7ට පමණ මෙම සිද්ධිය සිදුව ඇති අතර මෙලෙස මියගොස් ඇත්තේ 51 හැවිරිදි කාන්තාවක්.
සැකකාර 47 හැවිරිදි පුද්ගලයා කාන්තාවගේ නිවසට තට්ටු කර ඇය දොර විවර කරනවාත් සමග පිහියකින් කිහිප වතාවක් පහර දී ඇති බවයි වාර්තා වන්නේ.
47 හැවිරිදි සැකකරු මේ වන විට අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර ඇති අතර අද මෙල්බර්න් මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

මෙම සිදුවීම වන අවස්ථාවේදී මියගිය කාන්තාවගේ වයස අවුරුදු 17,16 සහ 11 යන වයස්වල පසුවන දරුවන්ද නිවසේ සිටඇති අතර එම ක්ෂණික සිදුවීම දරුවන්ද දැක තිබෙනවා.
එම සිද්ධිය මෙල්ල කිරීමට දරුවන් උත්සහ කළද ඒ වන විටත් මව බරපතල තුවාල ලබා ඇති බවයි වාර්තා වන්නේ.

දරුවන් මේ වන විට ආරක්ෂිතව තබා ගැනීමට පොලීය කටයුතු කරන බව සදහන්.