
ලැව්ගිනි අවදානම හේතුවෙන් බටහිර වික්ටෝරියා ප්‍රදේශයේ ප්‍රදේශවාසීන්ට වහාම ඉවත්ව යන ලෙස දැනුම් දීමක් ඊයේ දින සිදු කර තිබෙනවා.
අද උදෑසන 8වන විටත් අවදානම් කලාප වලින් ජනතාව ඉවත්ව නොමැති බවයි වාර්තා වන්නේ.
වික්ටොරියා හි ලැව් ගිනි කළමනාකරණ ඒකක විසින් ඒ පිළිබඳ දැනුම් දී ඇති අතර Chetwynd, Connewirricoo and Kadnook, යන ප්‍රදේශවල ජනතාවට වහාම ඉවත්ව යන්නැයි දැනුම් දෙනවා.

කෙසේ වෙතත් මෙලෙස වහාම ඉවත්ව නොගිය වික්ටෝරියානුවන්ට යළිත් දන්වා ඇත්තේ ලැව්ගිනි ප්‍රබලව ව්‍යාප්ත වන බැවින් ජිවිත අවදානමක් නොගෙන වහාම ඉවත්ව යන ලෙසයි.
ලැව්ගිනි කලාපවල පදිංචිකරුවන්ට ඔවුන්ගේ සුරතල් සතුන්, ඖෂධ, ජංගම දුරකථන සහ චාජර් සහ අත්‍යවශ්‍යම දේවල් පමණක් රැගෙන දැන්ම ඉවත් වන ලෙස උපදෙස් දී ඇත්තේ.

ගිනිදැල් නිවෙස් කරා නොපැමිණිය ද අධික දුමාරයන් සහ දැඩි තාපය හේතුවෙන් ජීවත වලට බලපෑම් එල්ල විය හැකි බැවින් වහාම එම ප්‍රදේශ වලින් ඉවත්වන්නැයි දැනුම් දෙනවා.
මේ වන විට නිවාස 100කට අධික පිරිසක් එම ප්‍රදේශ වලින් ආරක්ෂිතව ඉවත් කර ඇති අතර Vic Emergency සේවා වික්ටෝරියා හි බටහිර කලාපයේ ආරක්ෂාව වෙනුවෙන් තවදුරටත් සේවා පුලුඔකර ඇති බව සදහන්.