Search

Temporary visa හිමි සංක්‍රමණික කාන්තාවන්ට වන අතවර ඉහළට

ඔස්ට්‍රේලියානු සේවා ස්ථානවලට තාවකාලික වීසා මත පැමිණෙන සංක්‍රමණික කාන්තාවන්ට සිදුවන ලිංගික හිරිහැර පිළිබඳ නවතම අනාවරණයක් NSW Unions විසින් සිදු කර තිබෙනවා.

Temporary visa ලාභී කාන්තාවන් 3000ක් සමීක්ෂණය සදහා යොමුකරගෙන ඇති අතර ඉන් අඩකට වඩා වැඩි ප්‍රමාණයක් රැකියා ස්ථානයේ ලිංගික හිරිහැරවලට ලක්ව ඇති බව සදහන් කර තිබීම විශේෂත්වයක්.

ප්‍රතිචාර දැක්වූවන්ගෙන් සෑම පස් දෙනෙකුගෙන් හතර දෙනෙකු සදහන් කළේ රැකියා ස්ථානයේ ලිංගික හිරිහැරවලට තමන් ලක්වූ බවත් ඉන් වැඩි ප්‍රමාණයක්
ඉදිකිරීම් කර්මාන්තයට අදාළ සේවා ස්ථාන වල බවද අනාවරණය වී තිබෙනවා.

ගෙවතු වගා කර්මාන්තයේ නියුතු තාවකාලික විසා හිමි සංක්‍රමණික කාන්තාවන්ගෙන් 53%, සත්කාරක අංශයේ නියුතු සංක්‍රමණික කාන්තාවන්ගෙන් සියයට 51%, සිල්ලර වෙළඳාමේ නියුතු වූවන්ගෙන් 50% සහ පිරිසිදු කිරීමේ කර්මාන්තයේ නිකුතු කාන්තාවන්ගෙන් 41% ක් මෙලෙස ලිංගික හිංසනයන්ට ලක්වන බව සදහන්.

මෙහි බැරෑරුම් තත්වය වන්නේ ප්‍රතිචාර දැක්වූවන්ගෙන් සියයට 75ක් ලිංගික හිරිහැර සිදුවීම්වලට ලක්වූවත් ඒ සදහා පැමිණිළි නොකර ඇති බවයි වාර්තා වන්නේ.

විශේෂයෙන් cleaning අංශ රැකියාවල නියුතු තාවකාලික විසා හිමි සංක්‍රමණික කාන්තාවන්ගෙන් සියයට 63ක් පමණ තම විසා ආරක්ෂා කරගැනීම වෙනුවෙන් නොයෙක් පිඩාවලට මුහුණ දී ඇති බව සදහන්.

කෙසේ වෙතත් ලිංගික හිරිහැර වලට පත් සංක්‍රමණික කාන්තාවන්ට උපකාර කිරීම සදහා NSW union විසින් ව්‍යාපාරයක් ආරම්භ කර ඇති අතර ඒ සදහා වැඩි විස්තර

https://www.unionsnsw.org.au/media-release/sexual-harassment-of-migrant-women/

පිවිස ලබාගත හැකියි.

වික්ටෝරියාවේ ජනප්‍රිය හෝටලයක් ගින්නකින් විනාශ වෙයි

අද අලුයම ඇතිවූ ගින්නකින් වික්ටෝරියාවේ ජනප්‍රිය හෝටලයක් වන Churchill හෝටලය සම්පූර්ණයෙන්ම විනාශ වී තිබෙනවා. ගින්න නිසා විශාල දුමාරයක් නගරය පුරා පැතිර ඇති අතර Country Fire

Read More »