Search

දකුණු ආසියාතික රටකට ඔස්ට්‍රේලියාවෙන් නව වීසා කාණ්ඩයක්

ඉන්දීය විශ්ව විද්‍යාල උපාධිධාරීන් සදහා Mobility Arrangement for Talented Early-professionals Scheme යටතේ වසර දෙකක් සදහා ඔස්ට්‍රේලියාවේ ජීවත් වීමට සහ රැකියා කිරීමට නව අවස්ථාවක් ෆෙඩරල් රජය විසින් ලබා දී තිබෙනවා.

මේ සදහා අයදුම් කිරීමට 2024 දෙසැම්බර් මාසයේ සිට ආරම්භ වන අතර ඉන්දියාවේ ඉහළම විශ්ව විද්‍යාල 100ක උපාධිධාරීන්ට සහ වෘත්තීය වේදීන්හට ඔස්ට්‍රේලියාවේ තාවකාලික වැඩ කිරීම සදහා (Subclass 403) වීසා බලපත්‍ර යටතේ අවස්ථාව හිමිවනවා.

සෑම වසරකම මෙම වීසා කාණ්ඩය සදහා ස්ථාන ස්ථාන 3,000 ක් වෙන් කර ඇති අතර, අයදුම්කරුවන් තෝරා ගැනීම සඳහා සාධාරණ, විධිමත් හා විනිවිදභාවයෙන් යුතුව සිදුකරන බවයි ස්වදේශ කටයුතු දෙපාර්තමේන්තුව නිවේදනය කළේ.

මේ සදහා අයදුම් කිරීමේ ගාස්තු වශයෙන් ඩොලර් 25ක මුදලක් අයකෙරෙන බව සදහන්.

ඔස්ට්‍රේලියාව සහ ඉන්දියාව අතර ශක්තිමත් සබඳතා ගොඩනැගීම මෙම වැඩසටහනේ අරමුණයි.

ඉල්ලුම, දැනුම හා නිපුණතා සහිත දක්ෂ ඉන්දීය උපාධිධාරීන්ට මෙමගින් අවස්ථාව හිමිවනවා.

සුදුසුකම් ලත් අධ්‍යයන ක්ෂේත්‍ර අතරට ඇතුළත් වන්නේ:
පුනර්ජනනීය බලශක්ති අංශ, පතල් කැණීම,ඉංජිනේරු,
තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය,කෘතිම බුද්ධිය
සහ මූල්‍ය තාක්ෂණය යන ක්ෂ්‍රේත්‍රයන් වීම විශේෂත්වයක්.

යුද්ධයකට සූදානම් වන්නැයි යුරෝපීය සංගමය ඉල්ලයි

යුරෝපා සංගමයේ පුරවැසියන්ට අර්බුදකාරී අවස්ථාවක මුහුණදීමට අවශ්‍ය නව මාර්ගෝපදේශයක් යුරෝපා සංගම් කොමිසම විසින් හඳුන්වා දී තිබෙනවා.

Read More »

අමෙරිකාවේ සංචාරයට යන ඔස්ට්‍රේලියානුවන්ට ලැබෙන්න යන විශේෂ වාසිය

සුදුසුකම් ලත් ඔස්ට්‍රේලියානු පුරවැසියන් සදහා පහසුවෙන් හා කඩිනම් අමෙරිකා එක්සත් ජනපදය වෙත සංචාරය කිරීම සදහා විශේෂ අවස්ථාවක් උදාවී තිබෙනවා.

Read More »

ෆෙඩරල් මැතිවරණය පැවැත්වෙන දිනය ගැන අලුත්ම අනාවැකියක්

අගමැති ඇන්තනී ඇල්බනීස් හෙට (28) දිනයේදී ෆෙඩරල් මැතිවරණය පැවැත්වෙන දින වකාවනු ප්‍රකාශයට පත් කරනු ඇති බවට දේශපාලන විචාරකයන් මත පළ කරනවා.

Read More »