
ඔස්ට්‍රේලියාවේ ප්‍රාන්ත තුනකට දැඩි වර්ෂාපතනයක් සහ සුළි කුණාටු සම්බන්ධයෙන් අනතුරු ඇගවීමක් නිකුත් කර තිබෙනවා.
නිව් සවුත් වේල්ස්,වික්ටෝරියා සහ ටස්මේනියාව යන ප්‍රාන්ත වලට මෙම අනතුරු ඇගවීම නිකුත් කර ඇති අතර ජනතාව නිරතුරු කාළගුණ නිවේදව සම්බන්ධයෙන් අවධානයෙන් පසුවීම වැදගත් වනු ඇති.
සෑම ප්‍රාන්තයකටම අධික වර්ෂාපතනයක්, තද සුළං ,ගිගුරුම් සහිත වැසි සහ හදිසි ගංවතුර ඇතිවිය හැකි බවටයි අනාවැකි පල කර ඇත්තේ.

විශේෂයෙන් මෙල්බන් හි අභ්‍යන්තර ප්‍රදේශයන්ට ගිගුරුම් සහිත වැසි ඇතිවීමේ අවදානමක් පවතින බව ද සඳහන්.
තවද මෙල්බන්, සිඩ්නි සහ හෝබාර්ට් යන ප්‍රධාන නගර වලට මිලිමීටර් 80 ඉක්මවු තද වැසි සහ පැයට කිලෝමීටර 130 ඉක්මවු තද සුළං ඇතිවිය හැකි බවයි දැනුම් දි ඇත්තේ.

හානිදායක සුළං සඳහා සූදානම්ව සිටින ලෙස අනතුරු අගවා ඇති අතර වික්ටොරියා වැසියන් ඒ පිළිබඳ අවදානයෙන් පසුවන ලෙස වැඩිදුරටත් දැනුම් දෙනවා.