
රටේ ජනගහනය අනුව දියවැඩියා රෝගීන්ගේ ගණන සම්බන්ධයෙන් නවතම අධ්‍යනයක් සිදු කර තිබෙනවා.
World of Statistics වෙබ් අඩවිය විසින් මෙම අධ්‍යනය සිදු කර ඇති අතර ලෝක ජනගහනයෙන් සියයට 9.8 ක් දියවැඩියාවෙන් පෙළන බව සඳහන්.
වයස අවුරුදු 20ත් 79ත් අතර වයස් කාණ්ඩයේ පුද්ගලයින් අතර දියවැඩියා රෝගය ව්‍යාප්ත වි ඇති ආකාරය එහිදි අවදානයට යොමු කර තිබුණා.

ඒ අනුව ජනගහනය අනුව වැඩිම දියවැඩියා රෝගින් සංඛ්‍යාවක් සිටින රට ලෙස පාකිස්ථානය නම් කර ඇති අතර එම අගය සියයට 30.8ක්
එම ශ්‍රේණිගත කිරීමේ දෙවන ස්ථානය කුවේට් රාජ්‍යට ද තුන්වනුවට වැඩිම දියවැඩියා රෝගීන් සංඛ්‍යාවක් සිටින රට ලෙස ඊජිප්තුව ද නම් කර තිබෙනවා.

තවද එම ශ්‍රේණිගත කිරීමේ 10 වන ස්ථානය ශ්‍රී ලංකාවට හිමිව ඇති අතර ශ්‍රී ලංකාවේ සමස්ත ජනගහනයෙන් සියයට 11.3ක් අනිවාර්ය දියවැඩියා රෝගීන් ලෙස සඳහන්.
එම ශ්‍රේණිගත කිරීමේ ඔස්ට්‍රේලියාවට හිමිවන්නේ 29 වන ස්ථානය වන අතර ඔස්ට්‍රේලියානුවන්ගෙන් සියයට 6.4ක් දියවැඩියා රෝගීන් බව සඳහන්.