Search

ලොව ත්‍රාසජනක නගර අතර මෙල්බන් අංක එක වෙයි

ලොව ත්‍රාස්‍යජනක (Trilled City) අත්දැකීම් විදගැනීමට කැමති සංචාරකයින් යා යුතුම නගර අතරට ඔස්ට්‍රේලියාවේ මෙල්බන් නගරය නම් කර තිබෙනවා.

Time out සගරාව විසින් මේ පිළිබඳ වාර්තාවක් ඉදිරිපත් කර ඇති අතර ලොව ත්‍රාස්‍යජනක අත්දැකීම් විදගත හැකි නගර 10 අතර මෙල්බන් නගරයට හිමිව ඇත්තේ 6 වන ස්ථානයයි.

විනෝදාස්වාද වෙබ් අඩවියක් වන CanadaCasino.ca විසින් මෙම අධ්‍යනය සිදු කර ඇති අතර ස්කයිඩයිවිං සිට Bull drive දක්වා ලොව අවදානම් ක්‍රියාකාරකම් 48ක් සඳහා උනන්දුව දක්වන සංචාරකයින්ගේ ගූගල් සෙවුම් දත්ත විශ්ලේෂණය කර ඇති බව සඳහන්.

මෙල්බන් නගරය ඔස්ට්‍රේලියාවේ ත්‍රාස්‍ය ජනක අත්දැකීම් සහ අවදානම් ගන්න සඳහා හොඳම නගරය ලෙස කිරුළු පලදින අතර ගෝලීය වශයෙන් මෙල්බන් නගරයට හිමිවන්නේ හයවන ස්ථානයයි.

එම ශ්‍රේණිගත කිරීමේ පළමු ස්ථානය ස්විස්යර්ලන්තයේ Interlaken හිමිකරගෙන ඇති අතර ඇමරිකාවේ ලොස්ඇන්ජලීස් නගරය දෙවන තැන හිමිකරගෙන තිබෙනවා.

බ්‍රිතාන්‍යයේ ලන්ඩන් නගරය තෙවනි ස්ථානය හිමිකර ගෙන ඇති අතර ඔස්ට්‍රේලියාවේ සිඩ්නි නගරයට එම ශ්‍රේණිගත කිරීමේ 10 වන ස්ථානය හිමිව තිබීම විශේෂත්වයක්.

1. Interlaken, Switzerland
2. Los Angeles, USA
3. London, UK
4. Whistler, Canada
5. Mexico City, Mexico
6. Melbourne, Australia
7. Brisbane, Australia
8. Barcelona, Spain
9. Kuala Lumpur, Malaysia
10. Sydney, Australia