Search

මස්ක් ගේ වැඩ නිසා පරිශීලකයින් ‘X’ එපා වෙයි ද?

මස්ක්ගේ X ට සමාජ මාධ්‍ය යෙදවුමට සමාන  වේදිකාවක් වන “Bluesky” මේ දින වල වේගයෙන් වර්ධනය වන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

එහි ලාංඡනය ද X සමාජ මාධ්‍ය වේදිකාවට බෙහෙවින් සමාන වන අතර මේ වන විට දිනකට එහි නව ලියාපදිංචි කිරීම් මිලියනයක් පමණ වන බවයි වාර්තා වන්නේ.

Bluesky සමාජ මාධ්‍ය වේදිකාව, එවකට ට්විටර් හි (Twitter) ප්‍රධාන විධායක නිලධාරී ජැක් ඩෝර්සි විසින් මෙහෙයවන ලද පර්යේෂණ මුලපිරීමක් ලෙස 2019 දී ආරම්භ වූවක්.

එහි පෙනුම පෙර ට්විටර් හි පෙනුම මෙන් වීම විශේෂත්වයක්

අනෙකුත් සමාජ මාධ්‍ය වේදිකාවන්ට සාපේක්ෂව Bluesky සංකීර්ණ යෙදුමක් ලෙස සැලකෙනවා.

X හි හිමිකරු මස්ක්, මැතිවරණ ව්‍යාපාරයේදී ට්‍රම්ප්ගේ විශාල ආධාරකරුවෙකු වන අතර ඇතැම් පුද්ගලයින් ඊට ප්‍රතිචාර දක්වා ඇත්තේ X හැර යාමෙනි.

Bluesky යෙදුම ලොව පුරා සැලකිය යුතු බාගත කිරීම් සිදුකර ඇති බවයි විදෙස් වාර්තා පෙන්වා දෙන්නේ.

පොප් ගායිකා Lizzo සහ තවත් ප්‍රසිද්ධ පුද්ගලයින් කිහිප දෙනෙකු ම තමන් Bluesky වේදිකාවට සම්බන්ධ වන බවත්, X භාවිතය සීමා කරන බවත් නිවේදනය කර තිබෙනවා

දැනට Bluesky හි ඉදිරි තත්වය ගැන නමුත් එහි වර්ධනය දිගටම පැවතුනහොත්, ඊට ඕනෑම දෙයක් කළ හැකි බවයි තාක්ෂණික විද්වතුන් සදහන් කර ඇත්තේ.