Search

නාමල් ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට එද්දි මහින්දානන්ද යයි‍.

2024 පාර්ලිමේන්තු මැතිවරණයේ ප්‍රතිඵල අනුව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට හිමිවූ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරය සඳහා එම පක්ෂයේ ජාතික සංවිධායක නාමල් රාජපක්ෂ දිවුරුම් දීමට නියමිතව තිබෙනවා.

එම පක්ෂයේ මහලේකම් සාගර කාරියවසම් අද පැවැති මාධ්‍ය හමුවකදී ඒ බව දැනුුම් දී තිබුණා.

මෙහිදී අදහස් දැක්වූ සාගර කාරියවසම් මහතා,

“මේ ජනවරම අපි පිළිගන්නවා. අපිට දිස්ත්‍රික් මට්ටමින් මන්ත්‍රී ධුර 02ක් සහ ජාතික ලැයිස්තුවේ එක් මන්ත්‍රී ධුරයකුත් හිමිවෙලා තිබෙනවා.”

මේ අතර හිටපු අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා දේශපාලනයෙන් සමුගන්නා බව අද මාධ්‍ය හමුවක් පවත්වමින් පවසනවා.

ඔහු එහිදී පැවසුවේ මහනුවර දිස්ත්‍රික්කයේ ජනතාවට තවදුරටත් තමන්ගේ සේවය අවශ්‍ය නොවන බවට මෙවර පැවති මහ මැතිවරණයෙන් පෙන්නුම් කර ඇති බවයි‍.

ඒ නිසා තමන් දේශපාලනයෙන් සමුගැනීමට තීරණය කළ බව ඔහු වැඩිදුරටත් සදහන් කළා.

 

ශ්‍රී ලාංකිකයන්ගේ ඔස්ට්‍රේලියා – නවසීලන්ත සිහින සැබෑ කෙරෙන Aus Lanka TV Education Migration Expo 2025 සදහා තවත් දින 05 යි

ඔස්ට්‍රේලියා – නවසීලන්ත රැකියාවක් හෝ අධ්‍යාපනය පිළිබඳ බලාපොරොත්තුවෙන් පසුවන ශ්‍රී ලාංකික තාරුණ්‍යයේ සිහින ඉටු කෙරෙන සංක්‍රමණ වැඩමුලු මාලාවේ 02 වන අදියර “Aus Lanka TV Education Migration Expo 2025” පැවැත්වීමට ඇත්තේ තව දින පහක් පමණයි.

Read More »