Search

බටහිර වික්ටෝරියාවේ ප්‍රදේශ තුනක ජනතාවට වහාම ඉවත්වන්නැයි රතු නිවේදන

ලැව්ගිනි අවදානම හේතුවෙන් බටහිර වික්ටෝරියා ප්‍රදේශයේ ප්‍රදේශවාසීන්ට .වහාම ඉවත්ව යන ලෙස දැනුම් දීමක් සිදු කර තිබෙනවා.

වික්ටොරියා හි ලැව් ගිනි කළමනාකරණ ඒකක විසින් ඒ පිළිබඳ දැනුම් දී ඇති අතර Chetwynd, Connewirricoo and Kadnook, යන ප්‍රදේශවල ජනතාවට වහාම ඉවත්ව යන්නැයි දැනුම් දෙනවා.

දේශයේ පදිංචිකරුවන්ට ඔවුන්ගේ සුරතල් සතුන්ල ඖෂධල ජංගම දුරකථන සහ චාජර් සහ අත්‍යවශ්‍යම දේවල් පමණක් රැගෙන දැන්ම ඉවත් වන ලෙස උපදෙස් දී ඇත්තේ.

ගිනිදැල් නිවෙස් කරා නොපැමිණිය ද අධික දුමාරයන් සහ දැඩි තාපය හේතුවෙන් ජීවත වලට බලපෑම් එල්ල විය හැකි බැවින් වහාම එම ප්‍රදේශ වලින් ඉවත්වන්නැයි දැනුම් දෙනවා.