Search

නව ආණ්ඩුවේ ප්‍රතිපත්ති ප්‍රකාශය නොවැම්බර් 21 එළිදැක්වෙයි

ශ්‍රී ලංකාවේ දස වන පාර්ලිමේන්තුව එළැඹෙන 21 වැනිදා රැස්වීමට නියමිතව තිබෙනවා.

ඒ අනුව පළමු සභාවාරය ආරම්භයේදී ජනාධිපතිවරයා විසින් ආණ්ඩුවේ ප්‍රතිපත්ති ප්‍රකාශය සභාවට ඉදිරිපත් කිරීමට නියමිතයි.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 33 (අ) ව්‍යවස්ථාව අනුව පාර්ලිමේන්තුවේ සභාවාරයක් ආරම්භයේදී ආණ්ඩුවේ ප්‍රතිපත්ති ප්‍රකාශය පාර්ලිමේන්තුවේදී ඉදිරිපත් කිරිමටත්, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 33 (ආ) අනු ව්‍යවස්ථාව අනුව පාර්ලිමේන්තුවේ මංගල රැස්වීම්වල මුලසුන දැරීමටත්, ජනාධිපතිවරයාට බලතල හිමිවී තිබෙනවා.

ඒ අනුව, පාර්ලිමේන්තුවේ සෑම නව සභාවාරයක් ආරම්භයේ දී ආණ්ඩුවේ ප්‍රතිපත්ති ප්‍රකාශය ඉදිරිපත් කිරීම ජනාධිපතිවරයා විසින් සිදු කර ලබනවා.

මෙහිදි සිය ආණ්ඩුවේ ඉදිරි දැක්ම පිළිබඳ සවිස්තරාත්මක විග්‍රහයක් ජනාධිපතිවරයා විසින් සිය ප්‍රතිපත්ති ප්‍රකාශය මගින් පාර්ලිමේන්තුවට සහ මහජනතාවට ඉදිරිපත් කිරීමට නියමිතයි.

අතීතයේ මෙය හඳුන්වනු ලැබුවේ රාජාසන කථාව නමින් වන අතර එය ඉදිරිපත් කරන ලද්දේ අග්‍රාණ්ඩුකාරවරයා විසින්.

පළමුවන පාර්ලිමේන්තුවේ එනම් නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේ පළමුවන සභාවාරය 1947 ඔක්තෝබර් 14 වන දින පවත්වනු ලැබුවා.

එය උත්සවාකාරයෙන් විවෘත කොට මුලසුන දරන ලද්දේ ආණ්ඩුකාර ශ්‍රීමත් හෙන්රි මොන්ක් මේසන් මුවර් මහතා විසින්.

එතුමා විසින් රාජාසන කථාව පවත්වන ලද අතර පාර්ලිමේන්තුව විසින් එය විවාද කොට ස්තුති යෝජනාව සම්මත කරන කර ඇති බව සඳහන්.

එමෙන්ම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 70 (1) ව්‍යවස්ථාව අනුව පවතින පාර්ලිමේන්තුව වාරඅවසාන කිරීමට ජනාධිපතිවරයාට බලය තිබෙනවා.

වාරාවසාන කිරීමකදී පාර්ලිමේන්තුව තුළ ඒ වන විට පැවති සියලු කටයුතු අත්හිටුවීම සහ දෝෂාභියෝග හැර ඒ වනවිට සභා ගර්භය තුළ සිදුවෙමින් පැවති සියලු ක්‍රියාවලියන් තාවකාලිකව නතරවීම සිදුවෙනවා.

එවැනි වාරාවසාන කිරීමකින් අනතුරුව නව සභාවාරය ආරම්භ වන අවස්ථාව උත්සවාකාරයෙන් විවෘත කිරීම සිදු කෙරෙනු ඇති.

එලෙස නව සභාවාරය උත්සවාකාරයෙන් ආරම්භ කිරීමේ දී ජනාධිපතිවරයා විසින් ආණ්ඩුවේ ප්‍රතිපත්ති ප්‍රකාශය ඉදිරිපත්කිරීම සිදුවනවා.

 

අම්මා වැළඳගැනීමටවත් දෑත් නොමැති දරුවා ලෝකයම දිනයි

ඊශ්‍රායල ප්‍රහාරයක් හේතුවෙන්  අත් දෙකම අහිමි වූ තරුණ පලස්තීන පිරිමි ළමයෙකුගේ ඡායාරූපයක් වසරේ ලෝක මාධ්‍ය ඡායාරූපය ලෙස ගෞරවයට පාත්‍ර වී තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියාවට වසර 5 කින් අඩු වන මිලියන ගණනක නිවාස

ඔස්ට්‍රේලියාවේ දැනට පවතින නිවාස ඉදිකිරීම් ප්‍රතිපත්ති මත කටයුතු කළහොත් තවත් වසර 5 ක් තුළ නිවාස මිලියන 1.2 ක් ඔස්ට්‍රේලියාවට අහිමි වන බව Grattan ආයතනය පවසනවා.

Read More »