
වික්ටෝරියා ප්‍රාන්තයේ වුඩෙන්ඩ් ප්‍රදේශය ආසන්නයේ රික්ටර් මාපක 3.2 ක භූ කම්පනයක් සිදුවී තිබෙනවා.
භූ විද්‍යා සමීක්ෂණ ආයතනයට අනුව මෙල්බන් සිට කිලෝමීටර් 70ක් පමණ වයඹ දෙසින් පිහිටි වුඩෙන්ඩ් ප්‍රදේශයේ අද පෙරවරු 10.45ට පමණ භූ කම්පනය සිදුවී ඇති බවයි වාර්තා වන්නේ.
මෙම භූමිකම්පාව කිලෝමීටර් හතක් පමණ පොළොව අභ්‍යන්තරයේ හටගෙන ඇති බව ද සඳහන්.

බැලරට්, ගිස්බන්, ට්‍රෙන්තම් සහ බාකුස් මාෂ් ඇතුළු ප්‍රදේශවල 103 දෙනෙකුට පමණ මෙම භූමිකම්පාව දැනී ඇති බව වාර්තා වී තිබෙනවා.
එමෙන්ම ප්‍රධාන භූ කම්පනයෙන් අනතුරුව රික්ටර් පරිමාණයේ ඒකක 1.6 ක කුඩා පසු කම්පනයක් ද වාර්තා වී ඇතැයි සඳහන්.

වික්ටෝරියා ප්‍රාන්ත හදිසි සේවා ප්‍රකාශ කළේ භූ කම්පනවල වාර්තාගත මට්ටම අනුව කිසිදු හානියක් අපේක්ෂා නොකරන බවයි.
පසුගිය බ්‍රහස්පතින්දා බටහිර ඔස්ට්‍රේලියා වෙරළ තීරයේ රිච්ටර් මාපක 4.0ක භූමිකම්පාවක් වාර්තා වී දින කිහිපයකට පසුව පර්ත් නගරයට දකුණින් නගර කිහිපයකට ද භූ කම්පන තත්වයක් වාර්තා වී තිබුණා.
එමෙන්ම අපර් හන්ටර් කලාපයේ රික්ටර් මාපක 4.1 ක භූමිකම්පාවෙන් පසු නිව් සවුත් වේල්ස් හි නිවාස 2,500 කට පමණ විදුලිය විසන්ධි වූ බවයි වාර්තා වුණේ.