Search

ලොව ප්‍රථම වරට 3D තාක්ෂණයෙන් ඇසේ සුද ඉවත් කරන්න ඔස්ට්‍රේලියාව සුදානම්

ඇසේ සුද ඉවත් කිරීමේ සැත්කම් සඳහා ලොව ප්‍රථම වරට අති නවීන දියුණු තාක්ෂණය යොදා ගනිමින් ඔස්ට්‍රේලියාව නව අත්හදා බැලීමක් සිදු කර තිබෙනවා.

ඒ අනුව ඇසේ සුද ඉවත් කිරීමේ ශල්‍යකර්ම සඳහා නව ශල්‍ය අන්වීක්ෂයක් භාවිතා කිරීමේ නව අත්හදා බැලිමට ක්වින්ස්ලන්ඩ් රෝහලක් සමත්වනවා.

මෙය ලොව පළමු අත්හදාබැලීම වන අතර වේගවත් හා ආරක්ෂිත ක්‍රියා පටිපාටි අනුගමනය කළ හැකි තත්වයක් බව ද සඳහන්.

මෙය පූර්ණ ඩිජිටල් කරන ක්‍රියාවලියක් වන අතර නවී තාක්ෂණයෙන් යුත් ත්‍රිමාණ අන්වීක්ෂ දර්ශණ මගින් ඇසේ සුද ඉවත් කිරීමේ සැත්කමක් නිරීක්ෂණය කිරීමට සහ එය පහසුවෙන් සිදු කිරීමට ඉඩ සලසන බව සඳහන්.

අක්ෂි වෛද්‍ය Dr Sunil Warrier පැවසුවේ මෙම පද්ධතිය දැවැන්ත දියුණුවක් වන බවයි.

මෙහි දි ඇස කුඩා ඉන්ද්‍රීයක් වුවද අඟල් 55 ක තිරයක් දත්වා පුලුල් කර බැලීමට මෙමගින් අවස්ථාව හිමිවනවා.

ඉදිරියේ දී මෙම තාක්ෂණික ක්‍රමවේදයක ඔස්ටේ්‍රලියාව පුරාම ව්‍යාප්ත කිරීමට නියමිත බව සඳහන්.

ඕනෑම මොහොතක යුක්‍රේනයට සහය දෙනවා අගමැති ඇල්බනීස් කියයි

යුක්‍රේනයේ සාමය උදා කිරීම සඳහා ඔස්ට්‍රේලියානු පාර්ශවයෙන් කළ හැකි සෑම උපකාරයක් ම ලබාදනෙ බවට අගමැති ඇන්තනී ඇල්බනීස් නැවත සහතික වී තිබෙනවා.

Read More »