Search

මෙල්බන්වල ගින්නක් නිසා 150ක් ඉවත් කරයි

මෙල්බන් හි අතහැර දැමූ කර්මාන්ත ශාලාවක හටගත් ගින්නක් හේතුවෙන් ඒ අවට පදිංචිකරුවන් 150කට අධික පිරිසක් ආරක්ෂක පියවරක් ලෙස ඉවත් කර තිබෙනවා.

මෙම කම්හලේ හටගත් ගින්නත් සමග දැඩි දුමාරයක් ප්‍රදේශයේ ව්‍යාප්ත වීමත් සමග ගිනි නිවීම් අංශ සහ සහන සේවා කණ්ඩායම් මෙම ආරක්ෂක පියවර ගෙන ඇති බව සඳහන්.

මෙල්බර්න් CBD හි ස්පෙන්සර් ස්ට්‍රීට් ප්‍රදේශයේ පිහිටි මෙම කර්මාන්ත ශාලාවේ ගින්න අද අලුයම හටගෙන ඇති අතර එය පාලනය කිරීමට ගිනි නිවන භටයින් 60 දෙනෙකුට පැය දෙක හමාරක පමණ කාලයක් ගතවී තිබෙනවා.

ගින්නෙන් පිටවන දුමාරය හේතුවෙන් ආරක්ෂිත පියවරක් ලෙස යාබද මහල් නිවාස සංකීර්ණයකින් නිවැසියන් 150 දෙනෙකු ඉවත් කරනු ලැබුවා.

ගොඩනැගිල්ල තුළ ගිනි ගැනීම් සිදුවී ඇත්ද යන්න ගිනි නිවන භටයන් විසින් පරීක්ෂා කිරීම හේතුවෙන් මාර්ගයද අවහිර වී තිබෙනවා.

ගින්නට හේතුව හෝ එය සැක සහිත ද යන්න මෙතෙක් අනාවරණය කරගෙන නොමැති අතර ගිනි ගැනීම් සම්බන්ධ පරීක්ෂකයින් අද මේ පිළිබඳ විමර්ශන සිදු කිරීමට නියමිතයි.

බොරු මිල ගණන් කියන වික්ටෝරියා Real Estate නියෝජිතයන්ට වැඩ වරදින ලකුණු

නිවාස වෙන්දේසිවලට පෙර අසත්‍ය මිල ගණන් ප්‍රකාශයට පත් කරන වෙන්දේසිකරුවන්ට එරෙහිව දැඩ් පියවර ගැනීමට වික්ටෝරියා ප්‍රාන්ත රජය සූදානම් වනවා.

Read More »