
2024 වසරේ ලෝකයේ භයානකම නගර 20 සම්බන්ධයෙන් නිකුත් කෙරුණු නවතම ශ්‍රේණිගත කිරීමකට ඔස්ට්‍රේලියාවේ ඇලිස් ස්ප්‍රින්ග්ස් නගරය ද ඇතුලත්ව තිබෙනවා.
මෙම ලැයිස්තුවට ඇතුලත් වී ඇති ඇතැම් නගර අලංකාර සංචාරක ප්‍රදේශ ලෙස දිස්වුව ද ඒවා අපරාධ දර්ශකයට අනුව ලෝකයේ භයානකම ස්ථාන කිහිපයක් ලෙසටයි සැලකෙන්නේ.
දකුණු අප්‍රිකාවේ පීටර්මරිට්ස්බර්ග් නගරය ලකුණු 82.5 ක අපරාධ දර්ශකයක් සහිතව ලෝකයේ භයානකම නගරය ලෙස පළමු තැනට පැමිණ තිබෙනවා.

2023 වසරේ දී නගරයේ වෙඩි තැබීම්, මිනීමැරුම් සහ මිනිසුන් පණපිටින් පුළුස්සා දැමීම පවා වාර්තා වූ අතර ම්ලේච්ඡ අපරාධ නගරයට බරපතල තර්ජනයක් බව සඳහන්.
දෙවන ස්ථානයට දකුණු අප්‍රිකාවේ ප්‍රිටෝරියා නගරයත් තුන්වන ස්ථානයට වෙනිසියුලාවේ කැරකස් නගරයත් පත්වී තිබෙනවා.

කැරකස් හි මිනීමැරුම් අනුපාතය පුද්ගලයන් 100,000 කට 132 ක් වන අතර දූෂණ හා සංවිධානාත්මක අපරාධ සැලකිය යුතු ගැටළු මතු කර ඇති බවයි පැවසෙන්නේ.
පැපුවානිව්ගිනි රාජ්‍යයේ පෝර්ට් මොරෙස්බි, දකුණු අප්‍රිකාවේ ජොහැන්නස්බර්ග්, කේප් ටවුන්, ඩර්බන්, පෝට් එලිසබෙත්, බ්‍රසීලයේ රියෝ ද ජැනයිරෝ, සැල්වදෝරය, රෙසිෆ්, ෆෝටලේසා, ඇමරිකා එක්සත් ජනපදයේ මෙම්ෆිස්, බැල්ටිමෝර්, ඩෙට්‍රොයිට්, ආර්ජන්ටිනාවේ රොසාරියෝ, ඉක්වදෝරයේ ගුආයාකුලි මෙන්ම මෙක්සිකෝවේ ටිජුවානා ද භයානකම නගර අතරට ඇතුලත්.
සංචාරකයන් සම්බන්ධ අපරාධ, ආරක්ෂාව මෙන්ම ප්‍රචණ්ඩ අපරාධ වැනි කරුණු පිළිබඳ සමීක්ෂණ මත පදනම්ව මෙම ස්ථාන ලෝකයේ අවම ආරක්ෂිත ශ්‍රේණිගත කිරීම් ලෙසට ප්‍රකාශයට පත් කර තිබෙනවා.
ලකුණු 60 සහ 80 අතර ලැබී ඇති රටවල් ඉතා ඉහළ අපරාධ දර්ශකයක් සහිත භයානක නගරයක් ලෙස සලකනු ලබන අතර මෙම නගර 20 තුළ ඇති සෑම නගරයක්ම ලකුණු 70ට වඩා හිමි කරගෙන ඇති බව සඳහන්.