Search

ඔස්ට්‍රේලියාවේ ප්‍රාන්තයක ගිනි තැබීම තහනම් වෙයි

දකුණු ඔස්ට්‍රේලියාවේ ප්‍රදේශ කිහිපයක් ගිනි අනතුරු ශ්‍රේණිගත කිරීම්වල අවදානම් තත්වයකට පැමිණීම හේතුවෙන් ගිනි තැබීම සම්බන්ධයෙන් තහනමක් නිකුත් කර තිබෙනවා.

ගිනි අනතුරු ශ්‍රේණිගත කිරීම් බරපතල අවදානම් තත්ත්වයකට පත්ව තිබීම මෙන්ම සම්පූර්ණ ගිනි තහනම් ක්‍රියාත්මක වන බැවින් අද සහ හෙට දිනයේ සැලකිලිමත්ව සිටින ලෙසටයි දකුණු ඔස්ට්‍රේලියානුවන්ට අනතුරු අඟවා ඇත්තේ.

යෝර්ක් අර්ධද්වීපයේ සහ නැගෙනහිර අයර් අර්ධද්වීපයේ ප්‍රදේශ 16ක ගිනි තැබීම් තහනම ප්‍රකාශයට පත් කර තිබෙනවා.

West Coast, Lower Eyre Peninsula, Flinders, Mid North, සහ Riverland යන ප්‍රදේශ ද මෙම තහනම් කලාපයට ඇතුලත්.

උෂ්ණත්වය අංශක 37 දක්වා ඉහළ යනු ඇතැයි අපේක්ෂා කෙරෙන අතර ප්‍රාන්ත ගිනි නිවීමේ සේවයේ ප්‍රධානි බ්‍රෙට් ලොග්ලින් පැවසුවේ සති අන්තයේ ක්‍රියාකාරකම් පිළිබඳව මහජනතාව සැලකිලිමත් විය යුතු බවයි.

මෙම සති අන්තයේ දේපළ පිරිසිදු කිරීමේදී කසල ගිනි තැබීම වැනි අවදානම් ක්‍රියාකාරකම්වල යෙදීමෙන් වැළකී සහාය දෙන ලෙසටයි ඔහු ජනතාවගෙන් ඉල්ලීමක් කළේ.

ප්‍රදේශයේ ඇති වන ලැව්ගිනි පිළිබඳව විමසිලිමත්ව සිටින ලෙසට ඉල්ලා සිටින අතර ගිනි ගැනීම් වර්ධනය වීමට පෙර
නිවෙස්වලින් පිටවන ලෙසට ද ගිනි නිවන බලධාරීන් දැනුම් දෙනවා.

ඕනෑම මොහොතක යුක්‍රේනයට සහය දෙනවා අගමැති ඇල්බනීස් කියයි

යුක්‍රේනයේ සාමය උදා කිරීම සඳහා ඔස්ට්‍රේලියානු පාර්ශවයෙන් කළ හැකි සෑම උපකාරයක් ම ලබාදනෙ බවට අගමැති ඇන්තනී ඇල්බනීස් නැවත සහතික වී තිබෙනවා.

Read More »