
වයස්ගත රියදුරන් සඳහා රිය ධාවනය සම්බන්ධ යළි අධ්‍යාපනයක් ලබාදීම මගින් ඔස්ට්‍රේලියාවේ මාර්ගවල ආරක්ෂාව විශාල වශයෙන් වැඩිදියුණු කළ හැකි බව නව පර්යේෂණයකින් අනාවරණ වී තිබෙනවා.
ඔස්ට්‍රේලියාවේ මාර්ගවල ආරක්‍ෂිත භාවය වැඩි කිරීම සඳහා තම කුසලතා පරීක්‍ෂා කිරීමට වයස්ගත රියදුරන් ස්වේච්ඡාවෙන් ඉදිරිපත් විය යුතු බවටයි පර්යේෂණය මගින් හෙළි කරගෙන ඇත්තේ.
වයස අවුරුදු 50 සහ ඊට වැඩි රියදුරන්ට මාර්ගයේ ආරක්ෂිතව ධාවනය කිරීමට උපකාර කිරීමේ අරමුණ සහිතව නිව් සවුත් වේල්ස් විශ්ව විද්‍යාලය (UNSW) සහ ස්නායු විද්‍යා ආයතනය විසින් නව වෙබ් අඩවියක් ද ආරම්භ කර තිබෙනවා.

නිව් සවුත්වේල්ස් විශ්ව විද්‍යාලයේ මහාචාර්ය කැරින් ඇන්ස්ටේ පැවසුවේ ජනගහනය වර්ධනය වන විට වැඩිහිටියන්ට ලබාදෙන රියදුරු පාඩම් ඉතා වැදගත් බවයි.
වැඩිහිටියන්ගේ තුවාලවලට දෙවන විශාලතම හේතුව මෝටර් රථ අනතුරු හෝ ඇද වැටීම් වන අතර මේ හේතුවෙන් වසර 20කට වැඩි කාලයක් පුරා තමන් මෙම වැඩිහිටි රියදුරන්ගේ ගැටලුව සම්බන්ධයෙන් කටයුතු කරමින් සිටින බවයි මහාචාර්යවරිය සඳහන් කළේ.

වෙනස් මෝටර් රථ, වෙනස් මාර්ග මෙන්ම මාර්ග නීති වෙනස් වූ යුගයක රියදුරු බලපත්‍ර ලබාගෙන ඇති බොහෝ වැඩිහිටියන් සිටින අතර අධ්‍යයනයෙන් පෙනී ගොස් ඇත්තේ වයස්ගත පුද්ගලයින් ප්‍රධාන මාර්ග නීති සමඟ යාවත්කාලීන නොවීම වැනි පුරුදු ද පවතින බවයි.