Search

ආසන 141ක් සමගින් බහුතර බලය NPP පක්ෂයට

2024 පාර්ලිමේන්තු මහ මැතිවරණයේ සියලු දිස්ත්‍රික්කවල ප්‍රතිඵල මේ වන විට නිකුත් කර තිබෙනවා.

ඒ අනුව දිස්ත්‍රික්ක 20කම බලය හිමිකර ගෙන ඇත්තේ ජාතික ජනබලවේගය යි.

ජාතික ජනබලවේගය ආසන 141ක බලය හිමිකර ගැනීමට සමත්ව ඇත්තේ පාර්ලිමේන්තුවේ බහුතර බලය හිමිකර ගැනීමට අවශ්‍ය වන ආසන සංඛ්‍යාව වන 113 ද ඉක්මවා යමින් වීම විශේෂත්වයක්.

මහ මැතිවරණයේ ඡන්ද ප්‍රතිඵලවලට අනුව ජාතික ජනබලවේගය ඡන්ද 6,863,186ක් හිමිකර ගෙන ඇති අතර එය ප්‍රතිශතයක් ලෙස සියයට 61.56ක්.

සමගි ජන බලවේගය මැතිවරණ ප්‍රතිඵල අනුව දෙවන ස්ථානයට පත්ව ඇත්තේ ආසන 35ක් ලබාගනිමින්.

එම පක්ෂය ඡන්ද 1,968,716ක් ලබාගෙන ඇති අතර එය ප්‍රතිශතයක් ලෙස සියයට 17.66ක් වනවා.

ආසන 3කට හිමිකම් කියන නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ ඡන්ද 500,835ක් ලබාගෙන ඇති අතර එය ප්‍රතිශතයක් ලෙස සියයට 4.49ක්.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ඡන්ද 350,429ක් හිමිකරගෙන ඇති අතර එහි ප්‍රතිශතය සියයට 3.14ක් වනවා.

ඔවුන්ට මෙවර හිමි වී ඇත්තේ ආසන 2ක් පමණයි.

ආසන 6ක් දිනාගෙන ඇති ඉලංකෙයි තමිල් අරසු පක්ෂය ඡන්ද 257,813ක් ලබා ගැනීමට සමත්ව ඇති අතර එය ප්‍රතිශතයක් ලෙස සියයට 2.31ක්.

ඊට අමතරව සමස්ත ලංකා දෙමළ කොංග්‍රසය, ඊ.පී.ඩී.පී පක්ෂය, එක්සත් ජාතික පක්ෂය, ශ්‍රී ලංකා කම්කරු පක්ෂය, ප්‍රජාතන්ත්‍රවාදී දෙමළ ජාතික සංධානය, ස්වාධීන කණ්ඩායම් 17 යන පක්ෂ මන්ත්‍රී ධුර එක බැගින් හිමිකරගෙන තිබෙනවා.

යුද්ධයකට සූදානම් වන්නැයි යුරෝපීය සංගමය ඉල්ලයි

යුරෝපා සංගමයේ පුරවැසියන්ට අර්බුදකාරී අවස්ථාවක මුහුණදීමට අවශ්‍ය නව මාර්ගෝපදේශයක් යුරෝපා සංගම් කොමිසම විසින් හඳුන්වා දී තිබෙනවා.

Read More »

අමෙරිකාවේ සංචාරයට යන ඔස්ට්‍රේලියානුවන්ට ලැබෙන්න යන විශේෂ වාසිය

සුදුසුකම් ලත් ඔස්ට්‍රේලියානු පුරවැසියන් සදහා පහසුවෙන් හා කඩිනම් අමෙරිකා එක්සත් ජනපදය වෙත සංචාරය කිරීම සදහා විශේෂ අවස්ථාවක් උදාවී තිබෙනවා.

Read More »

ෆෙඩරල් මැතිවරණය පැවැත්වෙන දිනය ගැන අලුත්ම අනාවැකියක්

අගමැති ඇන්තනී ඇල්බනීස් හෙට (28) දිනයේදී ෆෙඩරල් මැතිවරණය පැවැත්වෙන දින වකාවනු ප්‍රකාශයට පත් කරනු ඇති බවට දේශපාලන විචාරකයන් මත පළ කරනවා.

Read More »