Search

ඔස්ට්‍රේලියානු සාප්පු සවාරි යන්නන් රවටන ආහාර ලේබල්

ඔස්ට්‍රේලියාවේ ඇතැම් ආහාර ලේබල්වල ව්‍යාකූල තත්වය හේතුවෙන් සාප්පු සවාරි යන්නන් රැවටීමකට ලක්වන බව නව පර්යේෂණයකින් අනාවරණ වී තිබෙනවා.

සෞඛ්‍ය සම්පන්න ආහාර තෝරා ගැනීමට උත්සාහ කර ඔස්ට්‍රේලියානුවන්ට මෙම ආහාරවල ඇති ලේබල තවදුරටත් විශ්වාස කළ නොහැකි බවයි පර්යේෂකයන් පෙන්වා දී ඇත්තේ.

සූක්ෂම සහ ආකර්ශනීය ආකාරයෙන් ඇති ලේබල් මගින් සාප්පු සවාරි යන්නන් ආකර්ෂණය කර ගන්නා අතර ඇතැම් ආහාර සමාගම් පාරිභෝගිකයන් නොමග යැවීමට උත්සාහ කරන බවට ද චෝදනා එල්ලවී තිබෙනවා.

රැකියාව, ජීවිතය සහ හතර දෙනෙකුගෙන් යුත් පවුලක් හසුරුවන අයෙකුට මෙම ව්‍යාකූල ආහාර ලේබල් හේතුවෙන් මුල්‍යමය සමතුලිතතාවයට ද හානි වන බව පාරිභෝගිකයන් පෙන්වා දෙනවා.

එමෙන්ම සීනි සහිත ඇතැම් අහාර වර්ගවලට සීනි එකතු නොකළ බව සඳහන් ලේබලය ඇතුළත් වන අතර ඇතැම් කොලෙස්ටරෝල් සහිත ආහාර නිෂ්පාදන කොලෙස්ටරෝල් රහිත ලෙස ද ලේබල් කර ඇති බවටයි චෝදනා එල්ල වන්නේ.

එබැවින් කිසියම් නිෂ්පාදනයක් මිලදී ගැනීමට පෙර එහි අඩංගු ද්‍රව්‍ය සම්බන්ධ තොරතුරු කියවීම හොඳම පියවරක් බව ද පර්යේෂකයන් පෙන්වා දී තිබෙනවා.

වික්ටෝරියාවේ ජනප්‍රිය හෝටලයක් ගින්නකින් විනාශ වෙයි

අද අලුයම ඇතිවූ ගින්නකින් වික්ටෝරියාවේ ජනප්‍රිය හෝටලයක් වන Churchill හෝටලය සම්පූර්ණයෙන්ම විනාශ වී තිබෙනවා. ගින්න නිසා විශාල දුමාරයක් නගරය පුරා පැතිර ඇති අතර Country Fire

Read More »