
ඊයේ අලුයම සිට ඉරිදා උදෑසන දක්වා සිඩ්නි නගර කලාපයේ දුම්රිය පැය 24 පුරාම ධාවනය කරවීමට සැලසුම් කර තිබෙනවා.
සේවකයන්ගේ වෘත්තීය ක්‍රියාමාර්ගයක් හේතුවෙන් සාමාන්‍යයෙන් දුම්රිය ධාවනය නොවන මධ්‍යම රාත්‍රියේ සිට අලුයම 4 දක්වා සෑම විනාඩි 30කට වරක් දුම්රියක් ධාවනය කෙරෙන බවයි සඳහන් වන්නේ.
නිව් සවුත්වේල්ස් ප්‍රාන්ත රජය සමඟ වැටුප් සම්බන්ධයෙන් පවතින ගැටලුව හේතුවෙන් දුම්රිය, ට්‍රෑම් රථ සහ බස් සංගමයේ නියෝජිතයන් එළඹෙන නව වෘත්තීය ක්‍රියාමාර්ගය ලෙසට පැය 24 පුරා දුම්රිය ධාවනයට පියවර ගෙන තිබෙනවා.

සාමාන්‍යයෙන් දුම්රිය ක්‍රියාත්මක නොවන මධ්‍යම රාත්‍රිය සහ අලුයම 4 දක්වා සෑම විනාඩි 30කට වරක් දුම්රියක් ධාවනය කෙරෙන අතර මෙම පියවරට මෙට්‍රෝ සේවාව ඇතුලත් නොවන බව ද සඳහන්.
එමෙන්ම පැය 24 පුරා සේවය කරන අතරතුර සේවකයන්ට ධාවනය කළ හැකි දුර ප්‍රමාණය සම්බන්ධයෙන් සීමා කරන බව ද සංගමය ප්‍රකාශ කර තිබෙනවා.

සති අන්තයේ සැලසුම් කර ඇති වර්ජනය හෝ එමගින් සිදුවන ප්‍රමාදයන් පිළිබඳ කිසිදු තොරතුරක් නොමැති අතර, ප්‍රවාහන අමාත්‍ය ජෝ හේලන් අනතුරු ඇඟවූයේ මගීන්ට බාධා ඇති විය හැකි බවයි.
පූර්ණ කාලීනව පැය 24 පුරාම ප්‍රවාහනය වෙනුවෙන් පෙනී සිටීමේ ක්‍රියාමාර්ගයක් ලෙස තමන් පැය 24 කාලසටහන ක්‍රියාත්මක කරන බවයි සේවක සංගමය ප්‍රකාශ කළේ.