
2024 පාර්ලිමේන්තු මහ මැතිවරණයේ මෙතෙක් ප්‍රකාශිත ප්‍රතිඵලවලට අනුව ආසන 106ක් ජයග්‍රහණය කිරීම ජාතික ජන බලවේගය සමත්ව තිබෙනවා.
ඔවුන් මේ වන විට ඡන්ද 6,842,223ක් ලබාගෙන ඇත්තේ ප්‍රකාශිත ප්‍රතිඵලවලින් සියයට 61.73ක් නියෝජනය කරමින්.
සමගි ජන බලවේගයට මන්ත්‍රී ආසන 28ක් හිමිවී ඇති අතර ඔවුන් ලබාගෙන ඇති ඡන්ද ප්‍රමාණය 1,966,875ක්.

නව ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයට මෙතෙක් ප්‍රකාශිත ප්‍රතිඵලවලට අනුව ආසන 3ක් ලැබී ඇති අතර ඔවුන් ඡන්ද 493,359ක් ලබාගෙන තිබෙනවා.
ඊට අමතරව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට ආසන 2ක් සහ ඉලංකෙයි තමිල් අරසු පක්ෂයට ආසන 3ක් ලැබී තිබෙනවා.
