
2000 වසරේ පළමු වරට පාර්ලිමේන්තුවට පැමිණ දශක දෙකකට අධික කාලයක් පාර්ලිමේන්තුව නියෝජනය කළ හිටපු අමාත්‍යවරයෙක් වන ජොන්ස්ටන් ප්‍රනාන්දුට මෙවර මහ මැතිවරණයෙන් මන්ත්‍රී ආසනයක් අහිමි වී ඇතැයි වාර්තා වනවා.
වසර 24කට පසු පළමු වරට ඔහුට පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරයක් හිමි නොවූ අතර ජොන්ස්ටන් ප්‍රනාන්දු නියෝජනය කරන කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් ජාතික ජන බලවේගය ලබා ගත් ඡන්ද සංඛ්‍යාව 651,476ක්.
මැතිවරණයේදී ජොන්ස්ටන් ප්‍රනාන්දු නියෝජනය කළ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් ආසනයක් හිමිකර ගැනීමට අපොහොසත් වූ අතර පක්ෂයට හිමිවූ ඡන්ද සංඛ්‍යාව 35,236ක්.

ජොන්ස්ටන් ප්‍රනාන්දුට අමතරව දසවැනි පාර්ලිමේන්තුවේ අසුන් ගැනීමට හිටපු අමාත්‍යවරුන් සහ තවත් ප්‍රබල දේශපාලනඥයන් කිහිප දෙනෙකු මෙවර වරම් අහිමි වී තිබෙනවා.
හිටපු කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර – හම්බන්තොට
හිටපු අමාත්‍ය රමේෂ් පතිරණ – ගාල්ල
හිටපු අමාත්‍ය මනූෂ නානායක්කාර – ගාල්ල
හිටපු විදුලිබල හා බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර – මාතර
හිටපු අමාත්‍ය රොෂාන් රණසිංහ – කළුතර දිස්ත්‍රික්කය
හිටපු අමාත්‍ය එස්.එම් චන්ද්‍රසේන – අනුරාධපුර
හිටපු අමාත්‍ය දුමින්ද දිසානායක – අනුරාධපුර
හිටපු අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි – රත්නපුර
හිටපු රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය – කෑගල්ල
හිටපු රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් – මාතලේ
හිටපු රාජ්‍ය අමාත්‍ය රෝහණ දිසානායක – මාතලේ
ශෂීන්ද්‍ර රාජපක්ෂ – මොනරාගල
නිපුන රණවක – මාතර
දහම් සිරිසේන – පොළොන්නරුව දිස්ත්‍රික්කය
හිටපු ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක ටී එම් ඩිල්ෂාන් – කළුතර
