
නිවාස ගැටලුවට විසඳුම් සෙවීමේ අරමුණින් ඇඩිලේඩ් හි පෝට් ස්ටැන්වැක් තෙල් පිරිපහදුව පිහිටි භූමියේ නිවාස 3500කට වැඩි ප්‍රමාණයක් ඉදි කිරීමට සැලසුම් කර තිබෙනවා.
නිවසක බලාපොරොත්තුවෙන් පසුවන අයට නව නිවාස හිමිවීම පමණක් නොව මිල පහත දැමීමට ප්‍රමාණවත් තරම් නව නිවාස ද මෙහිදී ඉදි කෙරෙන බවයි සඳහන් වන්නේ.
වසර 15ක පමණ කාලයක සිට අත්හැර දමා ඇති හෙක්ටයාර 230ක භූමි ප්‍රමාණය මෙල්බන්හි සංවර්ධන සමාගමක් විසින් නව නිවාස 3600ක් ඉදි කිරීම සඳහා නැවත සංවර්ධනය කරනු ලබනවා.

2028 වසර වන විට නිම කිරීමට අපේක්ෂිත මෙම ව්‍යාපෘතියේ ඉදි කෙරෙන නව නිවාසවලින් සියයට 15ක් දැරිය හැකි නිවාස ලෙස ඉදි කිරීමටයි සැලසුම් කර ඇත්තේ.
දකුණු ඔස්ට්‍රේලියාවේ බොහෝ දෙනෙකු මුහුණ දෙන දැරිය හැකි නිවාස නොමතිකමේ අභියෝගවලට විසඳුම් සෙවීම ද මෙම සංවර්ධන ක්‍රියාමාර්ගයේ අරමුණක් වනවා.

නිවාස ඉදි කිරීමට පෙර ඉඩම අපවිත්‍ර වී ඇති ප්‍රමාණය තීරණය කිරීමට පරිසර ආරක්ෂණ අධිකාරිය කටයුතු කරමින් සිටින අතර එය පිරිසිදු කළ හැකි බවටයි ඉදි කිරීම් සමාගම ප්‍රකාශ කර ඇත්තේ.