Search

වික්ටෝරියා අගමැතිගේ නායකත්වය ගැන ප්‍රශ්නයක්

වික්ටෝරියානු අග්‍රාමාත්‍ය ජසින්තා ඇලන් යටතේ ප්‍රාන්ත රජය බෙදීමකට ලක්ව ඇති බව වික්ටෝරියානු විපක්ෂ නායක ජෝන් පෙසුටෝ පවසනවා.

මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු කියා සිටියේ කම්කරු පක්ෂ මන්ත්‍රිවරුන් පිරිසක්ම ඇයගේ ක්‍රියාකාලාප විවේචනය කරන බවයි.

මෙලෙස අග්‍රාමාතන්‍යරියගේ ක්‍රියා කලාපය නිසා පක්ෂ අභ්‍යන්තර ගැටුම් ඇතිවු ප්‍රථම අවස්ථාව ද මෙය නොවන බවයි විපක්ෂ නායකවරයා එහිදි ප්‍රකාශ කළේ.

කම්කරු පක්ෂයේ මන්ත්‍රීවරුන් දෙදෙනෙකු ප්‍රාන්ත පාර්ලිමේන්තුවේ ආගමීක යාච්ඥාවලින් වැලකී සිටීමට ගත් තීරණයත් සමග පක්ෂ අභ්‍යන්තරයේ යම් ගැටුම් ඇතිව ඇති බව සඳහන්.

විපක්ෂය පෙන්වා දෙන්නේ මෙවැනි ක්‍රියා හේතුවෙන් ප්‍රාන්ත රජයේ කාර්යක්ෂමතාවයට අහිතකර බලපෑමක් ඇති වන බවයි.

කෙසේ වෙතත් පක්ෂ අභ්‍යන්තර ගැටුම් නායකත්වයේ දුර්වලතාව මත හටගෙන ඇති බවයි විපක්ෂ නායකයා තවදුරටත් අවධාරණය කර ඇත්තේ.

යුද්ධයකට සූදානම් වන්නැයි යුරෝපීය සංගමය ඉල්ලයි

යුරෝපා සංගමයේ පුරවැසියන්ට අර්බුදකාරී අවස්ථාවක මුහුණදීමට අවශ්‍ය නව මාර්ගෝපදේශයක් යුරෝපා සංගම් කොමිසම විසින් හඳුන්වා දී තිබෙනවා.

Read More »

අමෙරිකාවේ සංචාරයට යන ඔස්ට්‍රේලියානුවන්ට ලැබෙන්න යන විශේෂ වාසිය

සුදුසුකම් ලත් ඔස්ට්‍රේලියානු පුරවැසියන් සදහා පහසුවෙන් හා කඩිනම් අමෙරිකා එක්සත් ජනපදය වෙත සංචාරය කිරීම සදහා විශේෂ අවස්ථාවක් උදාවී තිබෙනවා.

Read More »

ෆෙඩරල් මැතිවරණය පැවැත්වෙන දිනය ගැන අලුත්ම අනාවැකියක්

අගමැති ඇන්තනී ඇල්බනීස් හෙට (28) දිනයේදී ෆෙඩරල් මැතිවරණය පැවැත්වෙන දින වකාවනු ප්‍රකාශයට පත් කරනු ඇති බවට දේශපාලන විචාරකයන් මත පළ කරනවා.

Read More »