
නිව් සවුත් වේල්ස් ප්‍රාන්ත රජය විසින් ප්‍රවේශ පත්‍ර රහිත වාහන නැවැත්වීමේ දඩ ක්‍රමවේදය තහනම් කර තිබෙනවා.
2020 වසරේදී හදුන්වා දුන් මෙම දඩ ක්‍රමවේදය ඔස්සේ නීති විරෝධී ලෙස ගාල් කරන ලද මෝටර් රථවලට එරෙහිව සති කිහිපයකට පසුව හෝ බලධාරීන්ට දඩ නියම කිරීමට අවකාශය හිමිවූ බවයි සදහන් වන්නේ.
මෙම ක්‍රමවේදය හදුන්වා දුන් කාල සීමාවට සාපේක්ෂව 50% කින් පමණ දඩ මුදල් වැඩි වී තිබෙන බව ද සදහන් වනවා.

නිව් සවුත් වේල්ස් ප්‍රාන්ත මුදල් අමාත්‍ය Courtney Houssos විසින් සදහන් කර ඇත්තේ මෙම ක්‍රමවේදය අසාධාරණ බවයි.
මේ සම්බන්ධයෙන් NRMA ආයතනයේ සේවය කරන Peter Khoury විසින් සදහන් කර ඇත්තේ මෙම ප්‍රවේශ පත්‍ර රහිත වාහන නැවැත්වීමේ දඩ ක්‍රමවේදය ඔස්සේ රියදුරන්ට අසාධාරණ වන බවයි.
