Search

පොරව රැගෙන ඡන්දය දාන්න ආ ආදිවාසීන්ට ඡන්දය නැති වෙයි

2024 මහ මැතිවරණය වෙනුවෙන්, දඹාන ආදිවාසී ගම්මානයේ දඹාන කනිෂ්ඨ විද්‍යාලයේ ඡන්දය ප්‍රකාශ කිරීමට ගිය ආදිවාසී උප නායක ගුණබන්ඩියලා ඇත්තන් ඇතුළු පවුලේ පිරිස ඡන්දයේ දීමෙන් වැළකී නැවත හැරී පැමිණි සිදුවීමක් අද (14) දින උදෑසන වාර්තා වනවා.

එයට හේතු වී ඇත්තේ උප නායකතුමන් ආදිවාසී සංස්කෘතියේ අනන්‍යතාවය වන “පොරව“ කරමත තබා ගනිමින් ජන්දය ප්‍රකාශ කිරීමට ඡන්ද මධ්‍යස්ථාණයට පැමිණිමයි.

මේ හේතුවෙන් මධ්‍යස්ථාන භාරකාර නිලධාරියා ආදිවාසී ජායකයා හට ජන්ද ප්‍රකාශ කිරීමට අවස්ථාව ලබා දී නොමැති බවයි වාර්තා වන්නේ.

ඒ හේතුවෙන් උප නායකතුමන් ඇතුළු පවුලේ සැම ඡන්ද ප්‍රකාශ කිරීමෙන් වැළකී නැවත හැරී පැමිණ ඇති බව සදහන්.