
ඔස්ට්‍රේලියාවේ වෙළඳසල් සේවකයින් තිදෙනෙකුගෙන් එක් අයෙකු තම රැකියාවේ අනාරක්ෂිත භාවය හේතුවෙන් සේවයෙන් ඉවත් වීමට සැලසුම් කරමින් සිටින බවට අනාවරණ වී තිබෙනවා.
නව අධ්‍යයනයකින් හෙළි වී ඇත්තේ සෑම සේවකයින් තිදෙනෙකුගෙන් එක් අයෙක්ම එළඹෙන නිවාඩු සමයේ සාප්පු සවාරි කාලයට පෙර ආරක්ෂාව සම්බන්ධ ගැටළු මත තම රැකියාවෙන් ඉවත් වීමට සලකා බලමින් සිටින බවයි.
වෙළඳසැල් කළමනාකරුවන් සහ කාර්ය මණ්ඩලයේ බහුතරයක් තම වෙළඳසැල්වල සිදුවන අපරාධ පිළිබඳ කනස්සල්ලට පත්ව සිටින බව රිසර්ච්ස් කේප් විසින් සිදු කරන ලද පර්යේෂණයකින් අනාවරණ වී තිබෙනවා.

තමන් ඇතුළු සේවකයන්ට ආරක්ෂාව සම්බන්ධයෙන් තවත් බොහෝ පියවර ගත හැකිව ඇති බව සේවකයන්ගෙන් සියයට 65ක් විශ්වාස කරන බවයි මෙහිදී ප්‍රකාශ වී ඇත්තේ.
මේ හේතුවෙන් නව ආරක්ෂක තාක්ෂණයක් සේවකයින් බලාපොරොත්තු වන අතර ඔවුන්ට ආරක්ෂිත බවක් එමගින් දැනෙන බව සඳහන් කර තිබෙනවා.

මෑත කාලීන අපරාධ සංඛ්‍යාලේඛන මගින් හෙළිදරව් වී ඇත්තේ ඕස්ට්‍රේලියාවේ වෙළඳසල්වල සිදුවන අපරාධ ද සමඟින් සමස්ත අපරාධවල සියයට 7.9ක වැඩිවීමක් පවතින බවයි.
පළමු වරට සොරකම් කරන්නන් සිදු කළ සොරකම් සියයට 50ක පමණ ප්‍රමාණයක් සමඟින් වැඩි පිරිසක් ආර්ථික ගැටළු හමුවේ අපරාධවලට යොමුවී ඇති බව පොලිසිය ප්‍රකාශ කර තිබෙනවා.