
අවුරුදු 110 වන උපන්දිනය සැමරු පර්ත් මිත්තනිය තම දිගුකාලීන ජීවිතයේ රහස හෙළිකර තිබෙනවා.
බ්‍රිජට් ග්‍රෝක් නම් මෙම කාන්තාව පසුගිය සඳුදා දින සිය 110 වන උපන්දිනය දරුවන් සහ තම පවුලේ හිතවතුන් සමග සැමරු විඩියෝවක් සමාජ මාධ්‍ය වෙත යොමු කර තිබුණා.
කෙසේ වෙතත් ඇය තවමත් නීරෝගී සොඛ්‍ය තත්වයෙන් සිටින අතර පෝෂදායි ආහාර වේලක් ඇගේ ආයු කාලය වැඩි කළ බවද සඳහන්.

තවද මෙහි විශේෂත්වය වන්නේ ඇය වසර 60 ක සිට බියර් පානයට පුරුදුව සිටින අතර එය ඇයට අමතර උත්තේජකයක් බවද සඳහන් කර තිබෙනවා.
සෞඛ්‍ය සම්පන්න ආහාර ගැනීමල විශාල බැඳීම් සහිත පවුලක් තිබීමල කරුණාවන්ත වීම සහ ජීවිතය වැඩි බැරෑරුම් දෙයක් ලෙස නොසැලකීම යන හේතු නිසා ඇයගේ ආයුකාලය වැඩි ව ඇති බවයි බ්‍රිජට් ග්‍රෝක් සඳහන් කළේ.

ඔබ මිනිස්සුන්ට දක්වන කරුණාව පෙරළා ඔබට හිමිවන බවයි ඇය වැඩිදුරටත් සඳහන් කළේ.