
2024 මහා මැතිවරණ ඡන්ද විමසීම ඉතාම සාමකාමීව පැවැත්වෙන බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආර්.එම්.ඒ.එල්. රත්නායක පවසනවා.
ඔහු කියා සිටියේ මේ දක්වා කිසිදු සිදුවීමක් වාර්තා වී නොමැති බව යි.
පළමු නිල ඡන්ද ප්‍රතිඵලය අද මධ්‍යම රාත්‍රියට පෙර ලබා දීමට බලාපොරොත්තු වන බව සභාපතිවරයා සඳහන් කර තිබෙනවා.

ප්‍රජාතන්ත්‍රීය ප්‍රතිසංස්කරණ සහ මැතිවරණ අධ්‍යයන ආයතනයේ විධායක අධ්‍යක්ෂක මංජුල ගජනායක කියා සිටියේ අද පෙරවරු 10 වන විට ප්‍රකාශිත ඡන්ද ප්‍රතිශතය 20-25% අතර බවයි.