
මෙල්බන් හි පාසැල් උත්සවයන්හි ආරක්ෂාව සම්බන්ධයෙන් WorkSafe ආයතනයේ අවදානය යොමුව තිබෙනවා.
විශේෂයෙන් පාසැල් හි අනාරක්ෂිත විවිධ ක්‍රියාකාරකම් අංගන හේතුවෙන් පාසැල් ළමුන්ට දිවි අහිමි වු අවස්ථා පවතින අතර ඒ පිළිබඳ පාසැල් බලධාරීන්ගේ අවධානය යොමු විය යුතු බව සඳහන්.
මෙල්බන් හි පාසැල් දෙකක මෙවැනි අනාරක්ෂිත ක්‍රියාකාරකම් සිදුව ඇති බවට WorkSafe ආයතනය වෙත පැමිණිලි ලැබී තිබෙනවා.

වසර අවසන් වනවාත් සමග පාසැල් වල විවිධ උත්සව සහ ක්‍රියාකාරකම් ළමුන්ගේ විනෝදය වෙනුවෙන් සංවිධානය කරන බැවින් ඒ පිළිබඳ පාසැල් බලධාරීන්ගේ අවධානට යොමු කරන ලෙසයි වැඩිදුරටත් දැනුම් දී ඇත්තේ.
විශේෂයෙන් jumping castles and slides නිවැරදි ලෙස අධීක්‍ෂණය නොකළහොත් හෝ නිවැරදිව ක්‍රියාත්මක නොකළහොත් බරපතල අවදානම් ඇතිවිය හැකි බව සඳහන් කරනවා.

වසර තුනකට පෙර මෙවැනිම අනාරක්ෂිත අංගයකින් මෙල්බන් හි පාසැල් ළමුන් 6 දෙනෙකුට දිවි අහිමි වුණා.
මෙම වසර ආරම්භයේ සිට අනතුරු සිදුවීම් 44 ක් වාර්තා වි ඇති අතර සෙල්ලම් උද්‍යාන 380 ක් පරීක්ෂා කර ඇති බවද WorkSafe සඳහන් කර තිබෙනවා.