Search

ඉදිරි පැය කිහිපය ඔස්ට්‍රේලියාවේ ප්‍රාන්ත කිහිපයකට අවදානම්

ඔස්ට්‍රේලියාවේ ප්‍රාන්ත කිහිපයකට මෙම සති අන්තය වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා කාර්යංශය නිවේදනය කර තිබෙනවා.

අයහපත් කාළගුණයෙන් වැඩි බලපෑමක් ක්වින්ස්ලන්ඩ් ප්‍රාන්තයට සිදුවන අතර ගිගුරුම් සහිත වැසි සමග සුළිසුළං තත්වයක් ද ඇති විය හැකි බවයි වාර්තා වන්නේ.

කාලගුණ විද්‍යා කාර්යාංශයේ ජ්‍යෙෂ්ඨ කාලගුණ විද්‍යාඥ ක්‍රිස්ටි ජොන්සන් පැවසුවේ ක්වින්ස්ලන්ඩ් ප්‍රාන්තයේ වයඹ දිග ප්‍රදේශවල ජීවත් වන ජනතාව නිරතුරු කාලගුණ නිවේදන හා සැලකිලිමත් වන ලෙසයි.

ඉදිරි පැය 24 තිරණාත්මක වන අතර ගිගුරුම් සහිත වැසි සම්බන්ධයෙන් බටහිර ඔස්ට්‍රේලියාවට ද අනතුරු ඇගවීමක් සිදු කර තිබෙනවා.

පිල්බරාල ගැස්කොයින් සහ ගෝල්ඩ්ෆීල්ඩ් ප්‍රදේශ වැනි අභ්‍යන්තර ප්‍රදේශ වඩාත් බලපෑමට ලක්වන ප්‍රදේශ ලෙසයි නම් කර ඇත්තේ.

තවද බටහිර ඔස්ට්‍රේලියාවට පැයට කිලෝමීටර 90 ඉක්මවු තඳ සුළං තත්වයක් ඇතිවිය හැකි බැවින් ප්‍රාන්ත වැසියන් එළිමහන් ක්‍රියාකාරකම් වලින් වැළකි සිටින ලෙස දැනුම් දෙනවා.

බොරු මිල ගණන් කියන වික්ටෝරියා Real Estate නියෝජිතයන්ට වැඩ වරදින ලකුණු

නිවාස වෙන්දේසිවලට පෙර අසත්‍ය මිල ගණන් ප්‍රකාශයට පත් කරන වෙන්දේසිකරුවන්ට එරෙහිව දැඩ් පියවර ගැනීමට වික්ටෝරියා ප්‍රාන්ත රජය සූදානම් වනවා.

Read More »