Search

ඔස්ට්‍රේලියාවේ Top 10 විශ්වවිද්‍යාල නම් කෙරේ

පර්යේෂණ ක්‍රියාවලිය, ඉගැන්වීම්, වෘත්තීයමය ප්‍රතිඵල සහ සමානාත්මතාවය මත Australian Financial Review විසින් ඔස්ට්‍රේලියානු විශ්ව විද්‍යාල වර්ගීකරණයක් සිදු කර තිබෙනවා.

එම වර්ගීකරණයට අනුව පලමු ස්ථානය දිනාගෙන ඇත්තේ ක්වීන්ස්ලන්ඩ් විශ්ව විද්‍යාලය වන අතර ඔස්ට්‍රේලියානු ජාතික විශ්ව විද්‍යාලයට මෙම වර්ගීකරණයේ දී දෙවන ස්ථානය හිමිව තිබීම විශේෂත්වයක්.

මොනෑෂ් විශ්ව විද්‍යාලයට මෙම වර්ගීකරණයේ දී තෙවන ස්ථානය හිමිවී තිබෙන පසුබිමක නිව් සවුත් වේල්ස් විශ්ව විද්‍යාලයට එහිදී හිමිව ඇත්තේ සිව් වන ස්ථානයයි.

මෙම වර්ගීකරණයට අනුව පස් වන ස්ථානය ඇඩිලේඩ් විශ්ව විද්‍යාලයට හිමිවී තිබෙන අතර හය වන ස්ථානය මෙල්බන් විශ්ව විද්‍යාලයට හිමිව තිබීම ද කැපී පෙනුණා.

හත් වන ස්ථනයේ සිට දස වන ස්ථානය දක්වා පිළිවෙලින් බටහිර ඔස්ට්‍රේලියා විශ්ව විද්‍යාලය, සිඩ්නි විශ්ව විද්‍යාලය, Bond විශ්ව විද්‍යාලය සහ Wollongong විශ්ව විද්‍යාලය විසින් හිමි කර ගෙන තිබෙනවා.

19 වන ස්ථානය දක්වා වර්ගීකරණය සිදු කර ඇති මෙහි අවසන් ස්ථානය හිමිවී ඇත්තේ La Trobe විශ්ව විද්‍යාලයට හිමිව තිබෙන බවයි එහි වැඩිදුරටත් සදහන් ව ඇත්තේ.

යුද්ධයකට සූදානම් වන්නැයි යුරෝපීය සංගමය ඉල්ලයි

යුරෝපා සංගමයේ පුරවැසියන්ට අර්බුදකාරී අවස්ථාවක මුහුණදීමට අවශ්‍ය නව මාර්ගෝපදේශයක් යුරෝපා සංගම් කොමිසම විසින් හඳුන්වා දී තිබෙනවා.

Read More »

අමෙරිකාවේ සංචාරයට යන ඔස්ට්‍රේලියානුවන්ට ලැබෙන්න යන විශේෂ වාසිය

සුදුසුකම් ලත් ඔස්ට්‍රේලියානු පුරවැසියන් සදහා පහසුවෙන් හා කඩිනම් අමෙරිකා එක්සත් ජනපදය වෙත සංචාරය කිරීම සදහා විශේෂ අවස්ථාවක් උදාවී තිබෙනවා.

Read More »

ෆෙඩරල් මැතිවරණය පැවැත්වෙන දිනය ගැන අලුත්ම අනාවැකියක්

අගමැති ඇන්තනී ඇල්බනීස් හෙට (28) දිනයේදී ෆෙඩරල් මැතිවරණය පැවැත්වෙන දින වකාවනු ප්‍රකාශයට පත් කරනු ඇති බවට දේශපාලන විචාරකයන් මත පළ කරනවා.

Read More »