Search

ඔස්ට්‍රේලියාවේ ජනප්‍රිය නත්තල් අතුරුපසක් මෙවර නත්තලට නෑ

ඔස්ට්‍රේලියානුවන් අතර නත්තල් කාලසීමාවේදී වඩාත් ජනප්‍රිය “Celebrations” චොක්ලට් Box මෙවර නත්තලේදී ඔස්ට්‍රේලියානු වෙළද සැල් වල දක්නට නොලැබෙන බවට වාර්තා වනවා.

1997 වසරේ සිට “Mars” ව්‍යාපාර ජාලය සතු වෙළද සන්නාමයක් වන “Celebrations” ආනයන වියදම් ඉහල යාම හේතුවෙන් ඔස්ට්‍රේලියාව තුළ මෙවර අලෙවි නොකරන බවයි වාර්තා වන්නේ.

මේ හේතුව මත ඔස්ට්‍රේලියාව තුළ “Celebrations” අලෙවිය තාවකාලිකව නවතා දැමීමට තීරණය කර තිබෙන බවයි Mars ව්‍යාපාර ජාලයේ ප්‍රකාශකයෙකු සදහන් කර ඇත්තේ.

“Celebrations” Box ඇතුළත Snickers, Bounty, Mars, Galaxy සහ Malteser වැනි රසවත් චොක්ලට් වර්ග රැසක් තිබෙන බවද සදහන්.

“Celebrations” පසුගිය වසරේදී නත්තල් චොක්ලට් අතර පලමු ස්ථානය හිමි කර ගෙන සිටි බව Tik Tok තරුවක් වන Russ Eats විසින් සදහන් කර තිබෙනවා.

කෙසේ වෙතත් ලබන වසරේදී ඔස්ට්‍රේලියාව තුළ “Celebrations” අලෙවි කිරීම සිදු කළ හැකි බවට තමන් අපේක්ෂා කරන බවයි Mars ප්‍රකාශකයා ව්සින් වැඩිදුරටත් ප්‍රකාශ කර ඇත්තේ.

ශ්‍රී ලාංකිකයන්ගේ ඔස්ට්‍රේලියා – නවසීලන්ත සිහින සැබෑ කෙරෙන Aus Lanka TV Education Migration Expo 2025 සදහා තවත් දින 05 යි

ඔස්ට්‍රේලියා – නවසීලන්ත රැකියාවක් හෝ අධ්‍යාපනය පිළිබඳ බලාපොරොත්තුවෙන් පසුවන ශ්‍රී ලාංකික තාරුණ්‍යයේ සිහින ඉටු කෙරෙන සංක්‍රමණ වැඩමුලු මාලාවේ 02 වන අදියර “Aus Lanka TV Education Migration Expo 2025” පැවැත්වීමට ඇත්තේ තව දින පහක් පමණයි.

Read More »