
වික්ටෝරියා ප්‍රාන්තය තුළ පැවැත්වුණු ජනමත විමසුමකදී ඡන්ද දායකයන් වඩාත් කැමැත්තක් දක්වන ප්‍රාන්ත අග්‍රාමාත්‍ය අපේක්ෂකයා බවට ප්‍රාන්ත විපක්ෂ නායක John Pesutto පත් වී තිබෙනවා.
The Age පුවත් වෙබ් අඩවිය වෙනුවෙන් “Resolve Political Monitor” විසින් සිදු කර තිබෙන මම සමීක්ෂණය ඔස්සේ 30% ක පමණ ඡන්ද දායකයන් පිරිසක් වත්මන් ප්‍රාන්ත අග්‍රාමාත්‍ය ජසින්ටා ඇලන්ට වඩා විපක්ෂ නායක John Pesutto වෙත සහය දක්වන බවයි සදහන් වන්නේ.
මත විමසුමක දී කම්කරු පක්ෂ ප්‍රතිවාදියෙකුට වඩා විපක්ෂ නායක John Pesutto ඉදිරියෙන් සිටින පළමු අවස්ථාව මෙය වන බවයි වාර්තා වන්නේ.

නවතම සමීක්ෂණයේ දී කම්කරු පක්ෂයේ Primary Votes ප්‍රමාණය තරමක් වර්ධනය වී තිබුණත් National සහ Liberal පක්ෂ ලකුණු 10 කින් ඉදිරියෙන් සිටින බව සදහන් වනවා.
කෙසේ වෙතත් මෙම සමීක්ෂණයේ දී ඡන්දදායකයන්ගේ 41% ක් පමණ තමන් කැමති අග්‍රාමාත්‍ය අපේක්ෂකයා කවුරුන්ද යන වග තේරීම ප්‍රතික්ෂේප කර තිබෙනවා.
