Search

Summer එළඹීමත් සමඟ වික්ටෝරියානුවන්ට සර්පයන් ගැන අනතුරු ඇඟවීමක්

උණුසුම් කාලගුණය සහ අභිජනන කාල සීමාව හේතුවෙන් සර්පයන් එළිමහනට පැමිණෙන නිසා ඒ පිළිබදව විමසිලිමත් ව සිටින ලෙස වික්ටෝරියා ප්‍රාන්තයේ සර්පයින් ඇල්ලීමේ කාර්යයේ නිරත පුද්ගලයෙකු විසින් ප්‍රකාශ කර තිබෙනවා.

මේ දිනවල දී සර්පයින් ඇල්ලීම සදහා දැනුම්දීම් වැඩි ප්‍රමාණයක් ලැබෙන බව ද ඔහු සිය Facebook ගිණුමේ සටහනක් තබා තිබෙනවා.

අභිජනන කාලසීමාවේදී වෙනදාට වඩා සර්පයින් ක්‍රියාශීලීව කටයුතු කරන බවයි ඔහු වැඩිදුරටත් සදහන් කර ඇත්තේ.

දැඩි අව් රශ්මිය සහිත කාලගුණික තත්වය සර්පයන්ගේ ක්‍රියාශීලීත්වය වර්ධනය කරන බව ද ඔහු දක්වා තිබෙනවා.

රාත්‍රියේ අදුර වැටීමෙන් පසුව සර්පයන් එළිමහනේ එහා මෙහා ගමන් කරන බැවින් ඒ පිළිබදව ද අවධානයෙන් සිටින ලෙසයි ඔහු උපදෙස් ලබා දී ඇත්තේ.

තම නිවාස අවට සිටින සර්පයන් නිරුපද්‍රිතව ඉවත් කිරීමට අවශ්‍ය නම් ඒ සදහා වෘත්තීය මට්ටමේ සර්පයන් ඇල්ලීමේ කාර්යයේ නිරත පුද්ගලයෙකු සම්බන්ධ කරගන්නා ලෙස ද ඔහු ජනතාවගෙන් ඉල්ලා සිටින බව සදහන් වනවා.

අම්මා වැළඳගැනීමටවත් දෑත් නොමැති දරුවා ලෝකයම දිනයි

ඊශ්‍රායල ප්‍රහාරයක් හේතුවෙන්  අත් දෙකම අහිමි වූ තරුණ පලස්තීන පිරිමි ළමයෙකුගේ ඡායාරූපයක් වසරේ ලෝක මාධ්‍ය ඡායාරූපය ලෙස ගෞරවයට පාත්‍ර වී තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියාවට වසර 5 කින් අඩු වන මිලියන ගණනක නිවාස

ඔස්ට්‍රේලියාවේ දැනට පවතින නිවාස ඉදිකිරීම් ප්‍රතිපත්ති මත කටයුතු කළහොත් තවත් වසර 5 ක් තුළ නිවාස මිලියන 1.2 ක් ඔස්ට්‍රේලියාවට අහිමි වන බව Grattan ආයතනය පවසනවා.

Read More »