
ශ්‍රී ලංකාව හා නවසීලන්තය අතර පැවැත්වෙන පළමු එක්දින තරගයේදී අගනා ශතක වාර්තා කිරීමට කුසල් මෙන්ඩිස් හා අවිශ්ක ප්‍රනාන්දු සමත් වුණා.
මෙහිදී කුසල් සිය ශතකය පන්දු 102කට මුහුණ දෙමින් රැස්කළ අතර, අවිශ්ක පන්දු 114කට මුහුණදෙමින් ශතකය රැස් කළා.
කුසල් හා අවිශ්ක දෙදෙනාම අද රැස්කළේ ඔවුන්ගේ 4වැනි එක්දින ශතකය වීම විශේෂත්වයක්.
