Search

වසර 5කට පසු බුකර් සම්මානය කාන්තාවකට

මෙවර බුකර් ත්‍යාගය (2024 Booker Prize award) දිනාගැනීමට බ්‍රිතාන්‍ය ලේඛිකා Samantha Harvey සමත්ව තිබෙනවා.

ඒ ඇයගේ නවකතාව වන ”ඕර්බිටල්” (Orbital)කෘතිය වෙනුවෙන්.

මෙම කෘතිය බුකර් සාහිත්‍ය සම්මානයෙන් පිදුම් ලද පළමු අභ්‍යවකාශය හා සම්බන්ධ කෘතිය වීම ද විශේෂත්වයක්.

මෙම කෘතිය  Harveyගේ පස්වන නවකතාව වන අතර පිටු 136 කින් යුත් ඕර්බිටල් පොත බුකර් ත්‍යාගය දිනූ දෙවන කෙටිම කෘතිය ලෙසද ඉතිහාස ගත වනවා.

මීට පෙර මෙම ත්‍යාගය දිනූ කෙටිම කෘතිය වූයේ, පිටු 132 කින් යුත් Penelope Fitzgerald විසින් 1979 දී රචිත Offshore කෘතියයි.

මෙම කෘතියෙහි කතා වස්තුව සුවිශේෂි වන අතර ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ සිටින පිරිමි ගගනගාමීන් දෙදෙනකු සහ කාන්තා ගගනගාමීන් සිව්දෙනකු මුහුණදෙන අත්දැකීම් වටා ගෙතුණු කෘතියක් වීම විශේෂත්වයක්.

Harvey මෙම කෘතිය රචනා කර ඇත්තේ COVID-19 අගුලු දැමීම් අතරතුර කාලයේදී බව සඳහන්.

Harvey ඕර්බිටල් කෘතිය එක්සත් රාජධානියේ වැඩියෙන්ම අලෙවි වූ කෘතීන් අතර ඉහලටම පැමිණ තිබෙනවා.

2019 වසරේ සිට මෙම සම්මානය දිනාගත් පළමු කාන්තාව වන්නේ ද Harveyයි.