
ඔස්ට්‍රේලියානු ෆෙඩරල් රජය විසින් HECS – HELP පද්ධතියේ වෙනස්කම් කිහිපයක් ඉදිරියේදී සිදුකිරීමට අපේක්ෂා කරන බව අධ්‍යාපන අමාත්‍ය Jeson Clare විසින් සදහන් කර තිබෙනවා.
තෘත්‍රීක අධ්‍යාපන තත්ව සහ ප්‍රමිති ආයතනයේ (TEQSA) පැවැත්වුණු සම්මන්ත්‍රණයකට එක්වූ අධ්‍යාපන අමාත්‍යවරයා විසින් මෙම වසර අවසන් වන විට විශ්ව විද්‍යාල අරමුදල් ප්‍රතිසංස්කරණය පිළිබදව වැඩි විස්තර ප්‍රකාශයට පත් කිරීමට සැලසුම් කරන බවයි ප්‍රකාශ කර ඇත්තේ.
HECS ක්‍රමවේදය හදුන්වා දුන් කාලසීමාවට සාපේක්ෂව වැඩි පිරිවැයක් විශ්ව විද්‍යාල සිසුන්ට උපාධිය හැදෑරීමේදී ගෙවීමට සිදුවන බවයි ඔහු වැඩිදුරටත් සදහන් කර තිබෙන්නේ.

මෙම ක්‍රමවේදය හදුන්වා දුන් කාලයේදී විශ්ව විද්‍යාල සිසුන් විසින් උපාධියේ පිරිවැයෙන් 24% ක් ගෙවා ඇති අතර 1990 දශකයේ අග භාගය වනවිට එම අගය 36% ක් දක්වා ඉහල ගොස් ඇති බවයි දක්වා ඇත්තේ.
නමුත් පසුගිය රජය විසින් සිදුකළ ප්‍රතිසංස්කරණ හේතුවෙන් මෙම අගය 45% ක් දක්වා ඉහල ගොස් ඇති බවට අධ්‍යාපන අමාත්‍ය Jeson Clare විසින් සදහන් කර තිබීම විශේෂත්වයක්.

කෙසේ වෙතත් ෆෙඩරල් රජය විසින් මෙම වසරේ අයවැය ප්‍රකාශ කිරීමට පෙරාතුව HECS – HELP ණය සදහා ලබාදෙන පොලී අනුපාත අඩු කිරීමට ක්‍රියා කිරීම තුළින් පැහැදිලි වන්නේ මීළග ෆෙඩරල් මැතිවරණය සදහා ශිෂ්‍ය ණය ගැටළුව යම් බලපෑමක් එල්ල කරන බවයි.