Search

ඔබත් නිකරුණේ වැසිකිලියේ කල් ගත කරනවාද? එසේ නම් මේ අනතුරු ඇගවීම ඔබටයි

දිගු වේලාවක් වැසිකිලිය මත වාඩි වී කාලය ගත කිරීම සෞඛ්‍යයට හානිදායක විය හැකි බවට වෛද්‍ය විශේෂඥයින් විසින් සදහන් කර තිබෙනවා.

එක්සත් ජනපද Colorectal ශල්‍ය වෛද්‍ය Lie Xue විසින් සදහන් කර ඇත්තේ දිගු වෙලාවක් වැසිකිලිය මත වාඩිවී සිටීමෙන් hemorrhoid (අර්ශස්) සහ Pelvic මාංශ පේෂීන් දුර්වල වීමේ අවදානමක් පවතින බවයි.

මිනිසෙකු සාමාන්‍යයෙන් මිනිත්තු 5 ක් හෝ 10 ක් වැසිකිළිය තුළ කාලය ගත කළ යුතු බවයි නිව් යෝර්ක් “Stony Brook Medicine” හි සහකාර මහාචාර්ය Farah Monzur විසින් සදහන් කර ඇත්තේ.

කෙසේ වෙතත් වැසිකිලියේ වාඩිවී වැඩි වේලාවක් කාලය ගතකිරීම නවතා දැමීම සදහා දුරකතන , සඟරා සහ පොත් පත් ආදිය වැසිකිලිය වෙත රැගෙන යාමෙන් වලකින ලෙස උපදෙස් ලබාදී තිබෙනවා.

ශරීර කෘත්‍යය නිසි පරිදි සිදු නොවන්නේ නම් මිනිත්තු 10 කට පසුව වැසිකිලියෙන් නැගිට මද වේලාවක් එහා මෙහා ගමන් කිරීම සුදුසු බවත් ඒ ඔස්සේ එයපහසු කරන බවත් වෛද්‍ය Lie Xue විසින් වැඩිදුරටත් සදහන් කර තිබෙනවා.

ශරීර කෘත්‍යය හොදින් සිදුවීම සදහා ඉහල තන්තු සහිත ආහාර අනුභව කිරීම සහ දෛනිකව ජලය ලීටර් 2.7 සිට 3.7 දක්වා පානය කිරීම
ප්‍රයෝජනවත් බවයි දක්වා ඇත්තේ.

නමුත් මල බද්ධය උග්‍ර වීම සහ වැසිකිලිය තුළ බොහෝ වේලාවක් කාලය ගත කිරීම පිළිකාවක ලක්ෂණයක් විය හැකි බවට ද වෛද්‍ය විශේෂඥයින් අනුමාන කරනවා.

මල බද්ධයේ රෝග ලක්ෂණ පවතිනවා නම් හෝ සති තුනක කාලයක් තුළ වැසිකිලිය තුළ වැඩි කාලයක් වාඩිවී කාලය ගත කරනවා නම් වෛද්‍යවරයෙකු හමුවීම සුදුසු බවයි වැඩිදුරටත් සදහන් ව ඇත්තේ.