
වික්ටෝරියා ප්‍රාන්තයේ නැගෙනහිර ප්‍රදේශවලට ඉදිරි දිනවලදී ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බවට කාලගුණ විද්‍යා කාර්යංශය (BoM) විසින් ප්‍රකාශ කර තිබෙනවා.
මෙවැනි පසුබිමක් තුළ ක්වීන්ස්ලන්ඩ් සහ නිව් සවුත් වේල්ස් හි ඇතැම් ප්‍රදේශවල පදිංචිකරුවන්ට දරුණු ගිගුරුම් සහිත වැසි පිළිබදව අනතුරු අඟවා ඇති බවද වාර්තා වනවා.
කාලගුණ විද්‍යා කාර්යංශය (BoM) විසින් ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්තයේ ගිණිකොණදිග ප්‍රදේශවලට සහ නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ ඊසානදිග ප්‍රදේශවලට තද සුළං තත්වයක් , හිම කැට වැටීම් මෙන්ම ප්‍රාදේශීය මට්ටමින් ගංවතුර තත්වයන් ඇතිවිය හැකි බවට සදහන් කර තිබෙනවා.

බොහෝ ප්‍රදේශවලට තද වැසි ඇතිවන බවත් සෙන්ටිමීටර් 2 ක විෂ්කම්භයෙන් යුත් හිම කැට වැටීම් සිදුවිය හැකි බවත් පැයට කිලෝමීටර් 90 ට වඩා වැඩි වේගයක් සහිත සුළං තත්වයක් අපේක්ෂා කර හැකි බවද කාලගුණ විද්‍යා කාර්යංශය විසින් වැඩිදුරටත් සදහන් කර තිබෙනවා.
මධ්‍යම ඔස්ට්‍රේලියාවට ඉහලින් පවතින වායු අවපීඩන තත්වය නිසා මෙම කාලගුණික වෙනස්වීම සිදුව ඇති බවට වැඩිදුරටත් සදහන්.

සුළි කුණාටු තත්වය සිකුරාද දිනය තෙක් ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්තයේ මධ්‍යම සහ ගිණිකොණදිග ප්‍රදේශ දක්වා පවතින බවට අපේක්ෂා කරන බවයි කාලගුණ විද්‍යා කාර්යංශය විසින් වැඩිදුරටත් දක්වා ඇත්තේ.