Search

ඇඩිලේඩ් යුවලගේ Bed Room එකට ආ අමුත්තා

ඇඩිලේඩ් යුවළක් අද අලුයම සිය රාජකාරි නිමවී නිවසට පැමිණි විට ඔවුන්ගේ ඇඳේ නිදා සිටින කෝලා දැකීමෙන් පුදුමයට පත්ව තිබෙනවා.

එම යුවල පවසන්නේ ඔවුන්ගේ සුරතල් බල්ලා ද ඊට මීටර කිහිපයක් දුරින් නිදා සිටිම විශ්මයජනක බවයි.

අද අලුයම 12.30 ට පමණ යුවල රොස්ලින් පාර්ක් හි පිහිටි තම නිවසට ආපසු පැමිණි විට ලොම් සහිත මෙම සත්වය දැක බයවූ අතර පසුව කෝලා කෙනෙක් බව හැදින ගත් බවයි වාර්තා වන්නේ.

මෙම යුවළ විශ්වාස කරන්නේ කෝලා ඔවුන්ගේ සුනඛ දොරෙන් නිවසට ඇතුළු ව ඇති බවත් ඔවුන් “දොරවල් සහ ජනෙල් අගුලු දමා තිබුණු බවයි.

ඒ අවස්ථාවේදි සත්ව සංවිධාන ඇමතීමට නොහැකි වූ නිසා ඔවුන් එම කෝලා සත්වයා බ්ලැන්කට්ටුවක ඔතා නිවසින් පිටතට ගෙනා බව සදහන්.

එම අවස්ථාවේදි කොලා බියට පත්ව ආක්‍රමණශීලි වූ බවද සදහන් කරන අතර එම සත්වයා ආරක්ෂිතව කැළෑබද ප්‍රදේශයකට මුදා හැර ඇති බවයි වාර්තා වන්නේ.