Search

වික්ටෝරියා පොලිස් නිලධාරීන්ට සිරුරේ තවත් තැන් කිහිපයක Tattoos ගැසීමට අවසර

වික්ටෝරියා ප්‍රාන්ත පොලිස් නිලධාරීන්ට ගෙල පිටුපස කොටසේ සහ අත්වල Tattoos ගැසීමට අවසර හිමිවී තිබෙනවා.

මීට පෙර ඔවුන්ට Tattoos ගැසීමට අවසර හිමි වූයේ රාජකාරී කරන කාලයේදී නිල ඇදුමෙන් ආවරණය කළ හැකි ස්ථානවල පමණක් වීම විශේෂත්වයක්.

මාර්තු මාසයේදී හදුන්වා දුන් මෙම නව නීති ඔස්සේ Tattoos නිසා සම්මුඛ පරීක්ෂණවලින් ප්‍රතික්ෂේප වූ අයදුම්කරුවන් 86 දෙනෙකු පිළිබදව නැවත සලකා බැලීමට හැකියාව ලැබෙන බවයි වාර්තා වන්නේ.

පසුගිය වසරේදී පමණක් පොලිස් සේවයට හා ආරක්ෂක සේවයට සම්බන්ධ වීමට අයදුම් කළ අපේක්ෂකයන් 135 දෙනෙක් Tattoos හේතුවෙන් සේවයට බදවා ගෙන නොමැති බවද වැඩිදුරටත් සදහන්.

වික්ටෝරියා ප්‍රාන්ත පොලිස් සේවයේ මේ වනවිට පුරප්පාඩු 1000 කට වැඩි ප්‍රමාණයක් පවතින බවත් මෙම නව නීතිය කාන්තා පිරිමි දෙපාර්ශවයටම අදාල වන බවත් සදහන් කර තිබෙනවා.

කෙසේ වෙතත් තවදුරටත් මුහුණේ , ගෙල ඉදිරිපස කොටසේ සහ හිසේ Tattoos ගැසීම සදහා අවසර හිමි නොවන බවයි දක්වා ඇත්තේ.

බොරු මිල ගණන් කියන වික්ටෝරියා Real Estate නියෝජිතයන්ට වැඩ වරදින ලකුණු

නිවාස වෙන්දේසිවලට පෙර අසත්‍ය මිල ගණන් ප්‍රකාශයට පත් කරන වෙන්දේසිකරුවන්ට එරෙහිව දැඩ් පියවර ගැනීමට වික්ටෝරියා ප්‍රාන්ත රජය සූදානම් වනවා.

Read More »