
ශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තුවට අදාළ මන්ත්‍රීවරුන් තෝරා පත්කර ගැනීමේ මහ මැතිවරණ ඡන්ද විමසීම අද පැවැත්වෙනවා.
පෙරවරු 7 සිට පස්වරු 4 දක්වා ඡන්ද මධ්‍යස්ථාන 13,421කදී ඡන්ද විමසීම පැවැත්වෙන බවයි මැතිවරණ කොමසාරිස් කාර්යාලය නිවේදනය කළේ.
මෙවර ඡන්ද ප්‍රකාශය සඳහා ඡන්ද දායකයන් එක්කෝටි හැත්තෑඑක් ලක්ෂයකට වැඩි පිරිසක් (171,40,354) සුදුසුකම් ලබා ඇති බව සඳහන්.

ඡන්ද ප්‍රකාශයෙන් අනතුරුව ගණන් කිරීමේ මධ්‍යස්ථාන 1,713කදී පස්වරු 4.15 සිට ඡන්ද ගණන් කිරීම් ආරම්භ කරන බවයි මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කළේ.
මෙවර මහ මැතිවරණ දිස්ත‍්‍රික්ක 22 අතරින් වැඩිම ඡන්දදායකයින් සහිත දිස්ත්‍රික්කය බවට ගම්පහ දිස්ත්‍රික්කය පත්ව ඇති අතර එම දිස්ත්‍රික්කයේ ලියාපදිංචි ඡන්ද දායකයින් සංඛ්‍යාව 1,881,129 දෙනෙකු බව සඳහන්.

කොළඹ දිස්ත්‍රික්කයේ ලියාපදිංචි ඡන්දදායකයින් සංඛ්‍යාව 1,765,351ක්.
කුරුණෑගල දිස්ත්‍රික්කයේ ලියාපදිංචි ඡන්දදායකයින් සංඛ්‍යාව 1,417,226ක් වන අතර මහනුවර දිස්ත්‍රික්කයේ ඡන්දදායකයින් සංඛ්‍යාව 1,191,399ක් වනවා.
කළුතර දිස්ත්‍රික්කයේ 1,024,244ක්, රත්නපුර දිස්ත්‍රික්කයේ 923,736ක්, ගාල්ල දිස්ත්‍රික්කයේ 903,163ක්, අනුරාධපුර දිස්ත්‍රික්කයේ 741,862ක්, සහ කෑගල්ල දිස්ත්‍රික්කයේ 709,622ක් වශයෙන් ඡන්දය භාවිත කිරීමට සුදුසුකම් ලබා තිබෙනවා.
බදුල්ල දිස්ත්‍රික්කයේ ලියාපදිංචි ඡන්දදායකයින් සංඛ්‍යාව 705,772ක් මාතර දිස්ත්‍රික්කයේ 686,175ක්, පුත්තලම දිස්ත්‍රික්කයේ 663,673ක් සහ නුවරඑළිය දිස්ත්‍රික්කයේ 605,292 දෙනෙකු ඡන්දය භාවිත කිරීමට සුදුසුකම් ලබා ඇති බව සඳහන්.
දිගාමඩුල්ල දිස්ත්‍රික්කයේ ඡන්දදායකයින් සංඛ්‍යාව 555,432 දෙනෙකු වන අතර හම්බන්තොට දිස්ත්‍රික්කයේ ලියාපදිංචි ඡන්දදායකයින් සංඛ්‍යාව 520,940ක්.
මඩකලපුවදිස්ත්‍රික්කයේ ලියාපදිංචි ඡන්දදායකයින් සංඛ්‍යාව 449,686ක්.
මාතලේ දිස්ත්‍රික්කයේ මෙවර මහ මැතිවරණය සඳහා ඡන්දය භාවිත කිරීමට ඡන්ද දායකයින් 429,991 දෙනෙකු සුදුසුකම් ලබා ඇති අතර මොනරාගල දිස්ත්‍රික්කයේ එම සංඛ්‍යාව 399,166ක් වනවා.
පොළොන්නරුව දිස්ත්‍රික්කයේ ඡන්දදායකයින් සංඛ්‍යාව 351,302 දෙනෙකු වන අතර ත‍්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ ඡන්දදායකයින් සංඛ්‍යාව 315,925 දෙනෙකු ලෙසටයි සඳහන් වන්නේ.
අඩුම ඡන්ද දායකයින් පිරිසක් සහිත මැතිවරණ දිස්ත්‍රික්කයේ බවට පත්ව ඇත්තේ වව්නියාව, මන්නාරම සහ මුලතිව් ඇතුළත් වන්නි මැතිවරණ දිස්ත්‍රික්කය වන අතර එහි ඡන්දදායකයින් සංඛ්‍යාව 306,081ක් බව මැතිවරණ කොමිෂන් සභාව පෙන්වා දී තිබේ.
මෙවර මහ මැතිවරණ සඳහා ලියාපදිංචි වැඩිම ඡන්දදායකයින් පිරිසක් සහිත ඡන්ද බල ප්‍රදේශය බවට පත්ව ඇත්තේ කොළඹ දිස්ත්‍රික්කයට අයත් හෝමාගම ඡන්ද බල ප්‍රදේශය වන අතර එහි ලියාපදිංචි ඡන්ද දායකයින් සංඛ්‍යාව 215,075ක්.
මෙවර මැතිවරණයට පක්ෂ සහ ස්වාධීන කණ්ඩායම් නියෝජනය කරමින් අපේක්ෂකයින් 8352 නෙකු ඉදිරිපත්ව සිටිනවා.
මහ මැතිවරණයේ ආරක්ෂක කටයුතු සඳහා දිවයිනේ මුළු ඡන්ද කොට්ඨාසවල පිහිටා ඇති ඡන්ද මධ්‍යස්ථාන සියල්ල ආවරණය වන පරිදි පොලිස් නිලධාරීන් 64,000ක් පමණ පිරිසක් යෙදවීමට පියවර ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නිහාල් තල්දූව පවසනවා.
මෙවර මැතිවරණයේ නිරීක්ෂණ කටයුතු සඳහා නියෝජිතයින් 6,000ක පමණ පිරිසක් යෙදවීමට පියවර ගෙන ඇති බව පැෆ්රල් සංවිධානයේ විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි කියා සිටියේ.
එක් එක් මැතිවරණ දිස්ත්‍රික්කයට අදාළ මන්ත්‍රී ධූර බෙදි යන්නේ මෙහෙමයි
01. කොළඹ – 18
02. ගම්පහ – 19
03. කලුතර – 11
04. මහනුවර – 12
05. මාතලේ – 5
06. නුවර එළිය – 8
07. ගාල්ල – 9
08. මාතර -7
09. හම්බන්තොට -7
10. යාපනය -6
11.වන්නි-6
12. මඩකලපුව- 5
13. දිගාමඩුල්ල –
14. ත්‍රිකුණාමලය – 4
15. කුරුණෑගල- 15
16. පුත්තලම- 8
17. අනුරාධපුරය -9
18. පොලොන්නරුව -5
19. බදුල්ල -9
20. මොනරාගල -6
21. රත්නපුර -11
22. කෑගල්ල – 9
මේ අතර,
ශ්‍රී ලංකාවේ 2024 මහ මැතිවරණ ඡන්ද විමසීමට අදාළ ප්‍රතිඵල විකාශය සජීවීව ඔබ වෙත ගෙන ඒමට AusLanka TV මාධ්‍ය ආයතනය කටයුතු සැලසුම් කර තිබෙනවා.
AusLanka TV සහ AusLanka රේඩියෝ නාලිකා ඔස්සේ ශ්‍රී ලංකාවේ උණුසුම් වන ඡන්ද ප්‍රතිඵල ඔබ වෙත ලබාදීමට මේවන විටත් සියලු කටයුතු සූදානම් කර අවසන්.
නවීන තාක්ෂණය උපයෝගී කර ගනිමින් AusLanka TV facebook, AusLanka TV YouTube, AusLanka Live app එක මගින් මෙන්ම AusLanka TV වෙබ් අඩවිය ඔස්සේ ද නිල ප්‍රතිඵල ලද සැණින් ඔබට ලබාදීමට අප සූදානම්.
මෙම මැතිවරණ ප්‍රතිඵල විශේෂ විකාශය සඳහා Sapling Lawyers, Makray Homes, Isha care and beauty, Mortgage Premiers සහ Kopi Kade, Onaro Online, Meta Tax , Wattle Healthcare, Sahanro Ayurvedic යන ආයතන අප සමග අනුග්‍රාහකත්වය දක්වනවා.