
මෙරට 10 වැනි පාර්ලිමේන්තුවට අදාල මන්ත්‍රීවරුන් තෝරාපත් කරගැනීම වෙනුවෙන් පැවැත්වෙන මහ මැතිවරණයේ ජන්ද විමසුම දැන් ආරම්භව තිබෙනවා.
මෙවර මැතිවරණය සඳහා අපේක්ෂකයින් 8352ක් තරගවදින අතර ඡන්දය භාවිත කිරීම සඳහා සුදුසුකම් ලබා ඇති ඡන්ද දායකයින් ගණන 17,140,354ක්.
දිවයින පුරා ඡන්ද මධ්‍යස්ථාන 13,421කදී ජනතාව ඡන්දය ප්‍රකාශ කිරීමට නියමිතයි.
ඡන්ද කාඩ්පතක් නොලැබුණත් ඡන්ද හිමි නාමලේඛනයේ ලියාපදිංචි වී ඇත්නම්, අනන්‍යතාව තහවුරු කෙරෙන පිළිගත් ලියවිල්ලක් රැගෙන ගොස් ඡන්දය භාවිත කළ හැකි බව මැතිවරණ කොමිසම ඡන්දදායකයින්ට දැනුම්දෙනවා.

ඊට අදාළ වන්නේ පහත සඳහන් ඒවාය,
* ජාතික හැඳුනුම්පත
* වලංගු විදේශ ගමන් බලපත්‍රය
* වලංගු රියදුරු බලපත්‍රය
* රාජ්‍ය සේවා විශ්‍රාමික හැඳුනුම්පත
* වැඩිහිටි හැඳුනුම්පත
* පූජ්‍ය / පූජක හැඳුනුම්පත
* ජාතික හැඳුනුම්පතෙහි තොරතුරු තහවුරු කිරීමේ ලිපිය
* ආබාධිත පුරවැසියන් සඳහා මැතිවරණ කොමිසම නිකුත් කර ඇති තාවකාලික හැඳුනුම්පත
* මැතිවරණ කොමිසම අනෙකුත් පුද්ගලයින්ට නිකුත් කර ඇති තාවකාලික හැඳුනුම්පත

මේ අතර ශ්‍රී ලංකාවේ 2024 මහ මැතිවරණ ඡන්ද විමසීමට අදාළ ප්‍රතිඵල විකාශය සජීවීව ඔබ වෙත ගෙන ඒමට AusLanka TV මාධ්‍ය ආයතනය කටයුතු සැලසුම් කර තිබෙනවා.
AusLanka TV සහ AusLanka රේඩියෝ නාලිකා ඔස්සේ ශ්‍රී ලංකාවේ උණුසුම් වන ඡන්ද ප්‍රතිඵල ඔබ වෙත ලබාදීමට මේවන විටත් සියලු කටයුතු සූදානම් කර අවසන්.
නවීන තාක්ෂණය උපයෝගී කර ගනිමින් AusLanka TV facebook, AusLanka TV YouTube, AusLanka Live app එක මගින් මෙන්ම AusLanka TV වෙබ් අඩවිය ඔස්සේ ද නිල ප්‍රතිඵල ලද සැණින් ඔබට ලබාදීමට අප සූදානම්.