Search

තව දින 4කින් ඔස්ට්‍රේලියාවට උල්කාපාත වර්ෂාවක්

වාර්ෂිකව දැකිය හැකි Leonid ලෙස හදුන්වනු ලබන උල්කාපාත වර්ෂාව ලබන සතියේ ඔස්ට්‍රේලියානුවන්ට දැක ගැනීමේ අවස්තාව හිමිවනවා.

පැයට කිලෝමීටර් 70ක පමණ වේගයෙන් මෙම උල්කාපාත පෘථිවි වායුගෝලය හරහා ගමන් කරනු ඇති බවයි වාර්තා වන්නේ.

Leonid ඉතා දීප්තිමත් තරුවක් වන අතර අහසේ වෙඩි තෑබීම් දර්ශණයක් ලෙස මෙම උල්කාපාත වර්ෂාව දැකගැනීමේ අවස්ථාව ඔස්ට්‍රේලියානුවන්ට හිමිවනවා.

මොනෑෂ් විශ්ව විද්‍යාලයේ භෞතික විද්‍යා සහ තාරකා විද්‍යා සහකාර මහාචාර්ය මයිකල් බ්‍රවුන් සඳහන් කළේ සාමාන්‍යයෙන් පැයකට උල්කාපාත 15ක් පමණ දැකගත හැකි බවයි.

කෙසේ වෙතත් මෙය අඛණ්ඩ උල්කාපාත වර්ෂාවක් නොවන අතර එය සෑම මිනිත්තු කිහිපයකට වරක් උල්කාපාතයක් දිස්වන අවස්ථාව ද විය හැකි බව සදහන්.

Leonid උල්කාපාත වර්ෂාව ලබන සතියේ නොවැම්බර් 17 රාත්‍රියේ දැකගැනීමේ අවස්ථාව හිමිවනවා.

අම්මා වැළඳගැනීමටවත් දෑත් නොමැති දරුවා ලෝකයම දිනයි

ඊශ්‍රායල ප්‍රහාරයක් හේතුවෙන්  අත් දෙකම අහිමි වූ තරුණ පලස්තීන පිරිමි ළමයෙකුගේ ඡායාරූපයක් වසරේ ලෝක මාධ්‍ය ඡායාරූපය ලෙස ගෞරවයට පාත්‍ර වී තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියාවට වසර 5 කින් අඩු වන මිලියන ගණනක නිවාස

ඔස්ට්‍රේලියාවේ දැනට පවතින නිවාස ඉදිකිරීම් ප්‍රතිපත්ති මත කටයුතු කළහොත් තවත් වසර 5 ක් තුළ නිවාස මිලියන 1.2 ක් ඔස්ට්‍රේලියාවට අහිමි වන බව Grattan ආයතනය පවසනවා.

Read More »